Local news

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට.!

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට.!

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයෙක්ට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

එම පහරදීම ගැන සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙස හේමාල් රණසිංහට අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණද, ඔහු එසේ නොකළ බව වාර්තා වේ.

මහින්ද – ශිරන්ති FCIDයට පැමිණෙයි.!

මහින්ද – ශිරන්ති FCIDයට පැමිණෙයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවට පැමිණ ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.

සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාලව පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට ශිරන්ති රාජපක්ෂ කැඳවා ඇත.

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.!

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.!

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

කෙහෙළියගේ ඥාති සහෝදරයා අත්අඩංගුවට.!

කෙහෙළියගේ ඥාති සහෝදරයා අත්අඩංගුවට.!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් විශුද්ධි කරන චෝදනා මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (03) දින පාන්දර බණ්ඩාර රඹුක්වැල්ලගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ.!

ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ.!

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කරයි.

සත්‍යතාවයකින් තොර අසත්‍ය කරුණු සමාජගත කිරීමට එරෙහිව නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කරයි.

මෙවැනි අසත්‍යය සහ සංවේදී තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් හේතුවෙන්, සමාජය තුළ අනවශ්‍ය බියක් නිර්මාණය වීම අයහපත් තත්ත්වයක් බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.

දේශපාලන අවශ්‍යතා මත සිදුකරන මෙවැනි ප්‍රචාර දැඩි ලෙස හෙළා දකින බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.

රටම කැළඹු එයාර් බස් ගනුදෙනුව මොකක්ද.?

රටම කැළඹු එයාර් බස් ගනුදෙනුව මොකක්ද.?

2012 – 2013 කාල සීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 13ක් ඉවත් කර ඒ වෙනුවට අලුත්ම යානා 14ක් සේවයට එක්කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වු අතර එම යානා අතරින් A 330 යානා 6ක් සහ A 350 යානා 4ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කර ඇත.

ඒ අනුව 2020 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය සිදුකළ විමර්ශනයක තොරතුරු හෙලිවීමත් සමග මෙම ගනුදෙනුවේ බරපතල වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය විය.

එයාර් බස් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුව සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක අල්ලසක් ලබාදීමට පොරොන්දු වී තිබූ බව මෙම විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකන් සමාගමේ එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිණුමකට මෙම මුදලින් ඩොලර් මිලියන 2ක් බැර කර ඇති බව එහිදී හෙළිවිය.

පසුව මෙරට සිදුකල විමර්ශන වාර්තාවක් මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

එම වාර්තාවට අනුව බිරිදට අයත් සමාගමේ නමින් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමට ලැබුණු මුදල් සිංගප්පූරුවේ ගිණුමක් මගින් කපිල චන්ද්‍රසේන අවස්ථා කිහිපයකදී ඕස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ ගිණුමකට මාරුකර යවා ඇත.

තවදුරටත් විමර්ශන සිදුකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙරට ගිණුම් දෙකකටද සිංගප්පූරුවෙන් මුදල් හුවමාරුවී ඇතැයි අනාවරණය වු අතර එම ගිණුම් දෙක අතර ශමින්ද්‍ර රාජපක්ෂට අයත් බැංකු ගිණුමකට 2013 වසරේදී ඇමරිකානු ඩොලර් එක් ලක්ෂය හැට දහසක මුදලක් බැරවී ඇත.

අනතුරුව මේ සම්බන්ධයෙන් ශමින්ද්‍ර රාජපක්ෂගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ කළද ඔහු ඇමරිකාවේ වාසය කරන බැවින් එය සාර්ථක නොවීය. පසුව හිටපු කථානායක චමල් රාජක්ෂගෙන් මීට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම එයාර් බස් ගනුදෙනුව පිළිබඳ තීරණ ගැනීමේදී අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ ශමීන්ද්‍ර රාජපක්ෂ සිටි බවත් ඊට අදාළ රැස්වීම කථානායක නිල නිවසේදී පවත්වා ඇති බවත් විමර්ශන වලදී හෙලිවී ඇත.

පෞද්ගලික සිදුවීමකට පළිගන්නවා.!

පෞද්ගලික සිදුවීමකට පළිගන්නවා.!

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න විසින් කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත.

නීතිඥ චමින්ද කුලරත්න කථානායකවරයාට එරෙහිව දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව චෝදනා අටක් මෙම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

කථානායකවරයකුට එරෙහිව නියෝජ්‍ය මහ ලේකම්වරයෙක් මෙවැනි දුෂණ චෝදනා පැමිණිල්ලක් යොමු කරන මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

තමන්ව පාර්ලිමේන්තු සේවයෙන් වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට තමා කෙරෙහි පවතින පෞද්ගලික අමනාපයක් සහ ද්වේශ සහගත බවක් නිසා බව චමින්ද කුලරත්න සඳහන් කරයි.

තමාගේ වැඩ තහනම් කිරීම සඳහා කථානායකවරයා විසින් නීති විරෝධී ලෙස පත් කරගන්නා ලද විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු ලවා සකස් කරන ලද අසත්‍ය වාර්තාවක් උපයෝගී කරගෙන ඇති බවටද චමින්ද කුලරත්න චෝදනා කරයි.

සොමිසාර බලන්න රනිල් බන්ධනාගාරයට.!

සොමිසාර බලන්න රනිල් බන්ධනාගාරයට.!

බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ සුවදුක් විමසා බැලීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව මැගසින් බන්ධනාගාරය වෙත ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය (30) වැනිදා බන්ධනාගාරය වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමන් ඒකනායක හමුවී ඇති අතර ඔවුන් පැයකට ආසන්න වේලාවක් කතාබස් කර ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස (11) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

විභාග දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්.!

විභාග දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්.!

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2025) ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන (07) වැනිදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජෛව පද්ධති තාක්ෂණවේදය විභාගය පෙබරවාරි මස (11) වැනිදා දක්වා මධ්‍යස්ථාන 74ක පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට ද තැපැල් මගින් යොමු කර ඇති බවද සඳහන් කරයි.

ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ඊයේ (02) දිනයේ සිට ප්‍රවේශ පත්‍ර බාගත කර ගැනීමේ හැකියාව පවතින බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගන්න.!

ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගන්න.!

හිටපු කථානායක චමල් රාජපක්ෂගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 

2012 – 2013 කාලසීමාවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා 10ක් මිලදී ගැනීමට සූදානම් වු අවස්තාවේ සිදුවූ දූෂිත ගණුදෙනුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (02) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නඩුවේ තුන්වන සැකකරු ලෙස චමල් රාජපක්ෂගේ බාල පුත් ශමින්ද්‍ර රාජපක්ෂ නම් කරන ලෙසට නීතිපති උපදෙස් ලැබී ඇති බවයි.

ශ්‍රී ලන්කන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ මෙම නඩුවේ සෙසු සැකකරුවන් වන අතර ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර සිටියි.

අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, දැනට අමෙරිකාවේ පදිංචි බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගන්නා ලෙසයි.

තවද රතු වරෙන්තු නිකුත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

✕
⌃ News
📰 Free News Subscription?