Local news

වසර 10කට පසු ලබන මාසයේ සිට අරඹයි

වසර 10කට පසු ලබන මාසයේ සිට අරඹයි

වසර 10කට වරක් සිදු කරනු ලබන ආර්ථික සංගණනය සඳහා කෘෂිකාර්මික තොරතුරු රැස් කිරීම ආරම්භ කිරීමට නියමිත බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව තොරතුරු රැස් කිරීම ලබන මාසයේ ආරම්භ කරන බවත් ඒ සම්බන්ධයෙන් නිලධාරීන් පුහුණු කිරීම, මේ දිනවල සිදුකරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ශාමලි කරුණාරත්න සඳහන් කරයි.

භාණ්ඩාගාරයේ සල්ලි පිරෙයි.. ලියුම් අවසන්.. රාජ්‍ය සේවයට අලුත් මුහුණක්

භාණ්ඩාගාරයේ සල්ලි පිරෙයි.. ලියුම් අවසන්.. රාජ්‍ය සේවයට අලුත් මුහුණක්

රාජ්‍ය සේවයට අලුතින් එක්ලක්ෂ විසිඑක් දාහක් (121,000) බදවා ගන්න අනුමැතිය ලබාදී තිබෙන බවත් එය අවුරුද්දක් ඇතුලත බදවා ගන්න වැඩිම ප්‍රමාණය බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එලෙස රාජ්‍ය සේවයට අලුතින් බදවා ගන්න එක්ලක්ෂ විසිඑක් දාහක් ඇතුලේ ගුරුවරුන් 23,000ක් සහ පොලිස් නිලධාරීන් 10,000ක් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපේ රාජ්‍ය යාන්ත්‍රණය කඩා වැටිලා තියෙන්නේ. පාසල්වල ගුරුවරු නෑ. පොලීසියේ කාර්යමණ්ඩලය මදි. ලක්ෂයක් විතර පොලීසියේ ඉන්න ඕන. ඉන්නේ 68,000යි. පැය 10, 12, 18 පොලීසියේ මහත්තුරු වැඩ.

සමහර තැන්වල ග්‍රාමසේවා නිලධාරින්ගේ හිගයක් තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕන දැන්. අවුරුදු 5ක්, 6ක් රාජ්‍ය සේවයට බදවා ගත්තේ නෑ. අපි මොකද කරන්නේ.? හරියට පුරප්පාඩු බලලා බදවා ගන්නවා. ඇයි, පඩි ගෙවන්න භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා.

අපි දැන් අනුමැතිය දීලා තියෙනවා රාජ්‍ය සේවයට අලුතින් බදවා ගන්න එක්ලක්ෂ විසිඑක් දාහක් (121,000) මතක තබාගන්න. අවුරුද්දක් ඇතුලත බදවා ගන්න වැඩිම ප්‍රමාණය. ඒක ඇතුලේ ගුරුවරු 23,000ක් ඉන්නවා.

පොලිස් නිලධාරින් 10,000ක් ඉන්නවා. වනජීවි දෙපාර්තමේන්තුවට වනජීවි සහායකයෝ තුන්දහස් ගණනක් ඉන්නවා. වනජීවි නිලධාරීන් පන්සිය ගණනක් ඉන්නවා. ඇයි.? අත්‍යවශ්‍ය සේවා පත්වාගෙන යාම සඳහා රාජ්‍ය සේවයට ගන්න ඕන.

හැබැයි ගන්නකොට කිසි කෙනෙක් ලියුමක් අරන් එන්න එපා. ඇයි.? එහෙම ගිහිල්ලා තමයි මේ රාජ්‍ය සේවය කඩා වැටුනේ. විභාග තියෙනවා, සුදුසුකම් අනුව අපි මේ එක්ලක්ෂ විසිඑක් දාහම රාජ්‍ය සේවයට බදවාගෙන හොද රාජ්‍ය සේවයක් හදනවා.”

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි

ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි තැබීමක් සිදුකර ඇත.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් අනතරුව රෝහල් ගත කර ඇත.

කිඹුල් කඳුළු හෙලන අයට කිසිම සමාවක් නෑ.. ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

කිඹුල් කඳුළු හෙලන අයට කිසිම සමාවක් නෑ.. ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

හොරු තක්කඩි එලවලා මේ ආණ්ඩුව හැදුවේ රටේ ජනතාව වෙනුවෙන් බවත් මේ රටේ ජනතාව බලාගන්න ආණ්ඩුව, ජාතික ජන බලවේග ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පොළොන්නරුවේ පැවති ගොවි රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“හොරු තක්කඩි එලවලා මේ ආණ්ඩුව හැදුවේ කවුරු වෙනුවෙන් ද.? මේ රටේ පොදු ජනයා වෙනුවෙන් හදපු ආණ්ඩුවක් මේක. මේ රටේ ජනතාව බලාගන්න ආණ්ඩුව තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව. ජනතාව බලාගන්න ආණ්ඩුව.

මීට කලින් ආණ්ඩු හැදුවා කවුද.? පාතාලය බලාගන්නා ආණ්ඩුව, කුඩු කාරයෝ බලාගන්න ආණ්ඩුව, ජාවාරම්කාරයෝ බලාගන්නා ආණ්ඩුව, දූෂිතයෝ බලාගන්නා ආණ්ඩුව. මතක තියාගන්න මේ ආණ්ඩුව ජනතාව බලාගන්නා ආණ්ඩුව.

අරගොල්ලන්ට දඩුවම් දෙන ආණ්ඩුව. මතක තියාගන්න. එහෙමයි මේ ආණ්ඩුව. කිසිදු සාකච්ඡාවකට සහ සමාවකට නැති කරුණු කිහිපයක් තියෙනවා. සාකච්ඡා නෑ. සමාව නෑ. එක, පාතලය. කිසිදු සමාවක් නෑ.

අපේ රටේ සන්නද්ද අපරාධ කල්ලි මුළුමනින්ම ඉවත් කරනවා. ඒක ව්‍යසනයක් අපේ රටේ. දැනටමත් 70කට වඩා වැඩි පිරිසක් පිටරටින් ලංකාවට ගෙනාවා. ඊළග ඒ පාතාල කල්ලි හා ගැටගැසුනු කඩු ව්‍යාපාරය. ඉවත් කරන්න ඕන. ඒ වැඩේ අපි කරනවා.

කුඩු පොඩ්ඩක් කමක් නෑ.? එහෙම නෑ. මුළුමනින්ම නෑ. කාලයක් යයි. පාතාලය, ඒහා බැදුණු කුඩු ව්‍යාපාරය මුළුමනින්ම ඉවත් කිරීමේ වගකීම ජාතික ජන බලවේග ආණ්ඩුව භාරගන්නවා. දෙක අපරාධ. අපේ රටේ පාස්කු අපරාධයක්.

පරීක්ෂණ කරන්න ඕන. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ඕන. අපිට පොඩ්ඩක් තියෙනවා කල් ගියපුවාම පවු කියලා හිතෙනවා. මේකේ පවු කියලා හිතෙන්නේ නෑ. පවු කියලා හිතෙන කරුණු තියෙනවා. කරුණාව දැක්විය යුතු කරුණු තියෙනවා.

හැබැයි මේවා කරුණාවට, මෛත්‍රීයට, පවු වලට යටපත් කරන්න ඕන ඒවා නෙමෙයි. අපරාධකරුවන් කිහිපයක් ඉන්නවා. තමන්ට විරුද්ධව පත්තරේ ලිවුවා කියලා පාරේ වෙඩි තියලා ඝාතනය කරලා තියෙනවා. තමන්ට විරුද්ධව ටීවි එකේ කිවුවා කියලා ටීවි එකට බෝම්බ ගහලා තියෙනවා.

තමන්ට විරුද්ධව පත්තරේ ලිවුවා කියලා පාරේ අතපය කඩලා තියෙනවා. ඡන්ද ගන්න බෝම්බ පුපුරවලා තියෙනවා. ඒවට අනුකම්පාව නෑ. ඒවට මෛත්‍රීය නෑ. ඒවට කරුණාව නෑ. ඒවට නිසි දඩුවම ලබාදෙන එක තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව. ඒක අපි කරනවා.”

“සමහර අය අපෙන් ඇහුවා කල් යනකොට සහෝදරයා කල් යනවා වැඩී නිකන් අහුවෙන්නැද්දෝ කියලා. අපි කිවුවා කලබල වෙන්න එපා. මේකේ වැඩේ මොකක්ද. හොදට පරීක්ෂණ කරන්න ඕන. උසාවියට ගිහිල්ලා ඔප්පු කරන්න ඕන. ඔප්පු කරලා හිරේ දාන්න ඕන.

පරීක්ෂණ වලට ලොකු කාලයක් ඇදෙනවා. හරියට ඔප්පු කරන්න ඕන අධිකරණයට. අපි පරීක්ෂණ කරලා තියෙනවා. ඇත්තටම මේ අවුරුදු දෙකක්ම, ඒකෙන් වැඩි කාලයක් කරලා තියෙන්නේ පරීක්ෂණ. දැන් පරීක්ෂණ කරපු කාලය, පීරියඩ් එක ඉවරයි. දැන් මොකක්ද. අල්ලන පීරියඩ් එක.”

ලොකු සිංහයාගේ පොඩි සිංහයා හිරේ.. තාත්තා තවමත් ගේමේ

ලොකු සිංහයාගේ පොඩි සිංහයා හිරේ.. තාත්තා තවමත් ගේමේ

අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහයාගේ නාමල් රාජපක්ෂ පොඩි සිංහයා හිරේ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

එදා විජිත පුර සටන එලාර දුටු ගැමුණු මුහුණට මුහුණ සටන වගේ නාමල් රාජපක්ෂ එක්ක පුළුවන් නම් මුහුණට මුහුණ සටනට එන්න කියා ආරාධනා කරන බවද තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

අනුරාධපුර රැළියට එක්වෙමින් තිස්ස කුට්ටිආරච්චි සඳහන් කළේ,

“ආ දැන් ඔක්කොම වාඩි වෙන්ඩ. අපේ කට්ටිය ඉස්සෙල්ලා වාඩි වෙන්න. දැන් මේ කවුද ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලෝ ආදරය කරන කවුද මේ ඇවිල්ලා ඉන්නේ. එදා අපි නොදුටු දුටු ගැමුණු, අද අපි දකින දුටුගැමුණු මහින්ද රාජපක්ෂ ආදරණීය නායකයා.

අද ලොකු සිංහයාගේ පොඩි සිංහයා හිරේ. අද පුතා හිරේ, තාත්තා ගේමේ. පුතා හිරේ තාත්තා තවමත් ගේමේ. එනිසා අවසාන වශයෙන් ජනාධිපතිතුමනි, එදා විජිත පුර සටන එලාර දුටු ගැමුණු මුහුණට මුහුණ සටන වගේ මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ එක්ක පුළුවන් නම් මුහුණට මුහුණ සටනට එන්න කියන ආරාධනය කරනවා.”

බෝගම්බරට රැදවියන්.. විශ්‍රාමික නිලධාරීන් යළි සේවයට

බෝගම්බරට රැදවියන්.. විශ්‍රාමික නිලධාරීන් යළි සේවයට

විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට එක් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පවතින නිලධාරී හිඟය පියවීම වෙනුවෙන් ඒ කෙරෙහි අවධානය යොමුකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කරයි.

පැරණි බෝගම්බර බන්ධනාගාරයට ලබන සතියේ රැඳවියන් යොමු කරන බවත් එහි ප්‍රතිසංස්කරණ කටයුතු 90% කින් පමණ අවසන් කර ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ශිරාන් බාසික්ගේ පියාට දුන් නියෝගය

ශිරාන් බාසික්ගේ පියාට දුන් නියෝගය

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් නැමැත්තා අද (12) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකරු එළැඹෙන (25) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ශිරාන් බාසික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 03ක මුදලක් වැය කරමින් ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් තමන්ගේ නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගත්තේය.

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න සූදානම්.?

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න සූදානම්.?

රට පුරා සිදුවන වෙඩි තැබීම් සහ බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධ අපරාධකරුවන් ඉලක්ක කරමින් තාවකාලිකව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙසට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ, කිසියම් රැස්වීමකදී මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, තැනින් තැන සිදුවන මෙම වෙඩි තැබීම් කඩිනමින් පාලනය කිරීම සඳහා බුද්ධි අංශ ඒකාබද්ධ කරගනිමින් විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කළේ, මෙවැනි හදිසියේ මතුවන අපරාධ රැලි මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමට මරණීය දණ්ඩනය තාවකාලිකව හෝ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවයි.

ලෝකයේ සමහර රටවල මෙවැනි අපරාධ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය තාවකාලිකව ක්‍රියාත්මක කෙරෙන බවද මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කරයි.

එයාර් බස් ගනුදෙනුවේ අල්ලස් ගත් ප්‍රධාන සැකකරු නාමල් රාජපක්ෂ

එයාර් බස් ගනුදෙනුවේ අල්ලස් ගත් ප්‍රධාන සැකකරු නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් මෙම නඩුව අධීක්ෂණය කරනු ලබන අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

2013 වසරේදී සිදුවූ මෙම ගනුදෙනුවේදී, අදාළ යුරෝපීය ගුවන් සමාගමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් ලබාගත් අල්ලස් මුදල මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත ලබාදී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව, මෝසමක් මඟින් නඩුව කැඳවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් නාමල් රාජපක්ෂ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගැනීමට නියමිතව ඇත.

බොරතෙල් මිල ඉහළ⁣ට.. ලංකාවේ ඉන්ධන මිල ගැන සංස්ථාවෙන් තීරණයක්

බොරතෙල් මිල ඉහළ⁣ට.. ලංකාවේ ඉන්ධන මිල ගැන සංස්ථාවෙන් තීරණයක්

ඉරානය – අමෙරිකාව අතර මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් ඉහළ ගියද, මේ මාසයේ හදිසි ඉන්ධන මිල වැඩි කිරීමක් නොකරන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ගෝලීය ඉන්ධන මිලට සාපේක්ෂව ලංකාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව සංස්ථාවේ සභාපති ඩී ඒ රාජකරුණා සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?