Local news

රුමේෂ් තරංගගේ නම රන් අකුරින් ලියවෙයි

රුමේෂ් තරංගගේ නම රන් අකුරින් ලියවෙයි

ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සමත් විය.

ඒ අනුව රුමේෂ් තරංගගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙයි.

ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන මෙම ශුරතාවලියේදී රුමේෂ් තරංග මීටර් 91.09ක දුරක් වාර්තා කළේය.

මෙම විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා පිටියේ තවත් සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත් විය.

ආණ්ඩුවට එරෙහිව විශාල ජනතාවක් කොළඹට එනවා.. සූදානම් වෙන්න

ආණ්ඩුවට එරෙහිව විශාල ජනතාවක් කොළඹට එනවා.. සූදානම් වෙන්න

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැවැන්ත ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඒ අනුව ආණ්ඩුවේ පාලනයට එරෙහිව තබන ප්‍රබලතම පියවර ලෙස ලබන සැප්තැම්බර් (24) වැනිදා කොළඹදී උද්ඝෝෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

රජය 22 වැනි සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය විනාශ කරමින් තනි පක්ෂ පාලනයක් ඇති කිරීමට උත්සාහ කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

රජයේ මෙම වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා සියලු ප්‍රගතිශීලී ජනතාවගේ සහයෝගය තමන් අපේක්ෂා කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

අද (13) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කරයි

කෝටි ගණනක් වංචා කරපු හැටි හෙළිවෙද්දි ශිරන්ති හිරවෙයි

කෝටි ගණනක් වංචා කරපු හැටි හෙළිවෙද්දි ශිරන්ති හිරවෙයි

හිටපු ජනා­ධි­පති මහින්ද රාජපක්ෂගේ බිරිඳ විසින් ක්‍රීඩා අමාත්‍යංශයට ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි ගණනක් බදු වංචා කර සුඛෝ­ප­භෝගී බස් රථ දෙකක් ආනයනය කර කාල්ටන් පෙර පාස­ලට ලබාදීමෙන් සිදු කරන ලද දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකා­බද්ධ විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

ඒ අනුව මෙතෙක් කරන ලද විම­ර්ශන මඟින් අනාවරණය වූ කරුණු අනුව අපරාධ චෝදනා ගොනු කිරී­මට ප්‍රමා­ණ­වත් කරුණු ඇති බවට නීති­පති දෙපාර්තමේන්තුව ලබාදුන් උප­දෙස් අනුව පොලිස් මූල්‍ය විම­ර්ශන ඒක­කය මඟින්ද මේ අක්‍රමිකතා සම්බ­න්ධ­යෙන් විධි­මත් විමර්ශනයක් ආරම්භ කර ඇත.

තවද සිරි­ලිය පද­නම හෙවත් සිරි­ලිය සවිය ජනාධිපති කාර්යා­ලය යටතේ පව­තින කාන්තා සංවි­ධා­න­යක් බවට ඒත්තු ගන්වා මේ මූල්‍ය අක්‍ර­මි­ක­තාව සිදුකර ඇති අතර එනිසා හිටපු ජනාධිපති ලේක­ම්ව­ර­යකු වන ලලිත් වීර­තුංග හා ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ අති­රේක ලේකම්වරයෙක් ලෙස කට­යුතු කළ පුද්ග­ල­යකු සම්බන්ධයෙන් විම­ර්ශ­නය කර­මින් පවතියි.

මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­පති ධුරය දැරූ සමයේදී ජාතික ඉති­රි­ කි­රීමේ බැංකු­වෙන් දුන් රුපි­යල් ලක්ෂ සීයක මුද­ලක් සිරි­ලිය පද­නම මඟින් අව­භා­විත කිරී­මක් සම්බන්ධයෙන්ද මූල්‍ය විම­ර්ශන ඒක­කය මඟින් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මේ අතර සිරිලිය පද­නම විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ­ලට සී.ටී ස්කෑනර් යන්ත්‍ර­යක් පරි­ත්‍යාග කිරී­මට අවශ්‍ය බව පෙන්වා, ඉදි­රි­පත් වූ ලිපි­යක් අනුව විධි­මත් අයු­රින් කරුණු සොයාබැලීමකින් තොරව එව­කට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභා­ප­ති­ව­රයා විසින් දෙන ලද වාචික උපදෙස් අනුව එකී මුදල සිරි­ලිය පදනමට පරිත්‍යාග කොට ඇති අතර එකී මුදලින් මිලදී ගත් බව අඟවා හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­ප­ක්ෂගේ පුත්‍ර­ය­කුගේ උපන්දිනය නිමිත්තෙන් එම සී.ටී. ස්කෑනර් යන්ත්‍රය රෝහලට පරිත්‍යග කර ඇති බවද අනාවරණය වී ඇත.

තාත්තාද, අම්මාද, ආච්චිද, සහෝදරයාද, බාප්පාද අදාළ නෑ.. හොරකම් කරානම් දඬුවම නියතයි

තාත්තාද, අම්මාද, ආච්චිද, සහෝදරයාද, බාප්පාද අදාළ නෑ.. හොරකම් කරානම් දඬුවම නියතයි

රටේ මහජනයාගේ ධනයෙන් සතයකට අත තිබ්බොත් කවදාහරි දඩුවමක් ලැබෙන බව ඔප්පු කර පෙන්වන බවත් එනිසා දැන් විශාල පිරිසක් කලබල වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මේ රට විනාශයට පත් කරපු දූෂිතයන්ට දඩුවම් දීම සඳහා වු නඩුවක් තිබෙන බවත් ආච්චි, මව, සහෝදරයා සහ බාප්පා හොරකම් කරානම් නීතිය කාටත් එකයි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපිට නඩුවක් තියෙනවා බේරගන්න. මේ රට විනාශයට පත් කරපු දූෂිතයන්ට දඩුවම් දීම සඳහා වු නඩුව තියෙනවා බේරගන්න. කවුරු මොනතරම් අනුකම්පා කරන්න උත්සාහ කරත්, කට්ටිය කඳුළු පෙන්නලා අනුකම්පාව දිනා ගන්න.

තාත්තලාට තිබ්බා පුතා හොරකම් කරන කොට අඩලා පුතේ එපා කියන්න. ඇල්ලුවට පස්සේ කඳුළු හලලා වැඩක් නෑ. තාත්තට තිබුණේ පුතා හොරකම් කරනකොට පුතේ ඔය වැඩේ කරන්න එපා කියන්න.

පුතාට රිසිසේ හොරකම් කරන්න දීලා, අල්ලපුවාම කඳුළු එනවා. ඕවට අපි අහුවෙන් නෑ හොදේ. කඳුළු වලට මේක යටපත් වෙන්න දෙන්නේ නෑ. අනුකම්පාව යටපත් වෙන්න දෙන්නේ නෑ. ආච්චිද, ආච්චිටත් නීතිය එකයි.

මවද, මවටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. සහෝදරයාද, බාප්පොච්චිද ඔක්කොටම එහෙමයි. සමහර අය කියනවා, සහෝදරයා එක පවුලේ කට්ටිය වැඩියි නේද. පවුලේ කට්ටිය වැඩියෙන් හොරකම් කරානම් පවුලේ කට්ටියම අහුවෙනවා.

මොනවා කරන්නද අපි. මේක කරනවා. අපේ රටේ ජනතාවට ආදර්ශයක් දෙන්න ඕනා, මහජනයාගේ ධනයෙන් සතයකට අත තිබ්බොත් කවදාහරි දඩුවමක් ලැබෙන බව අපි ඔප්පු කරන්න ඕනා. දැන් විශාල ප්‍රමාණයක් කලබල වෙලා ඉන්නවා.

කලබල වෙලා කියනවා, මේ ආණ්ඩුව වට්ටනවා. මේ ආණ්ඩුව පළිගන්න එනවා. මේ ආණ්ඩුව වෛරයෙන් පෙළෙනවා. අපිට කිසි කෙනෙක් ගැන වෛරයක් නෑ. අපි මොනවට වෛර කරන්නද. අපිට තියෙන්නේ මේ රට ගොඩනැගීම පිළිබඳ අපේක්ෂාව.

ජනතාව අපි කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තියෙනවා. මේ රටේ හොරකම නතර කරන්න ඕන කියලා. නීති විධානයේ ආධිත්‍ය තහවුරු කරන්න ඕන කියලා. රටේ ආර්ථිකය ගොඩනගන්න ඕන කියලා.

තමන්ගේ දරුවන්ට හොද ජීවිතයක් හදලා දෙන්න ඕන කියලා. අපේ ආණ්ඩුව ඉටු කරන්නේ ඒ බලාපොරොත්තුව. හැබැයි බලාපොරොත්තුවට යන්න බෑ අපරාධ වලට දඬුවම් දෙන්නේ නැතුව, දුෂිතයන් නීතියේ රැහැනට ගේන්නේ නැතුව, මේවා කරන්න ඕනා.

ඒවා මේ රට ගොඩනැගීමේම කාර්යයේ කොටසක්. හොරකම් අල්ලන එකයි, හොරකම් නතර කරන එකයි ගොඩනැගීමේ කොටසක්. නීතිය කාටත් සාධාරණ ලෙස ඉෂ්ට කිරීම ගොඩනැගීමේම කොටසක්.”

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගණනක් ගලාගෙන එයි

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගණනක් ගලාගෙන එයි

පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී ඇති බවත් එය පසුගිය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය 2025 වසරේ අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක් ලැබී තිබුණ බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේශණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,131ක් බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

පසුගිය 2025 කාලයේ මුල් මාස 8 සඳහා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,116ක් බවද මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

නාමල් දඬුවම් විදින්න ඕන.. අපි අනුරාධපුර රැලියට ආවට ඡන්දය දෙන්නේ නෑ

නාමල් දඬුවම් විදින්න ඕන.. අපි අනුරාධපුර රැලියට ආවට ඡන්දය දෙන්නේ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැරදි කරානම් දඩුවම් ලැබිය යුතු බවත් එය ඇත්ත ස්වභාවය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයෙක් සඳහන් කරයි.

තමන් ඇතුළු පිරිස අනුරාධපුර රැලියට පැමිණියද, ඡන්දය ලබා නොදෙන බවත් ඡන්දය දෙනවාද, නැද්ද තීරණය කරන්නේ තමන් බවද පොදුජන පෙරමුණ පාක්ෂිකයා සඳහන් කරයි.

අනුරාධපුර රැලියට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“එයත් ඉතින් මොනවාහරි හොරකම් කරලා තියෙනවා නම් දඬුවම් විදින්න ඕන. ඒක තමයි ඇත්ත ස්වභාවය. එයා අපේ කියලා බේරගන්න බෑ. මගේ අම්මා තාත්තා වැරදි කරත් වැරද්ද නම් වු වැරදි. අපිට ඒ පැත්ත ගන්න බෑ මල්ලී.

ඒක තමයි ඇත්ත කතාව. ඕන තැනක දාන්න. මගේ නමත් එක්ක කියලා තියෙන්නේ. කාටත් හොදයි. වැරදි කරන්නෑ. ඉතිං අපි කියන්නේ ඒකයි. නාමල් රාජපක්ෂ වැරදි කරානම් දඩුවම් විදපන්. අපි විදින්නද. අපි හිරේ යන්නද. වුණේ හිරේ යන්නේ.

වුණේ වැරදි කෙ⁣රුවේ. ඕක තේරුම් ගන්න මිනිස්සූ දන්නේ නෑනේ. මේ රැලියට ආවට අපි ඡන්දය දෙන්නේ නෑ. රැලියට ආව විතරයි. ඡන්දය දෙන එක තීරණය කරන්නේ වෙලාවටයි. කතිරය තියෙන්නේ අපේ අතේ.

පැහැදිලිනේ. කතිරය තියෙන්නේ අපේ අතේ. ඡන්දය දෙනවාද, නැද්ද තීරණය කරන්නේ අපි. මේ ඔය ආවට අපි ඡන්දය දෙන්නේ නෑ. ඕන වෙලාවක නමත් එක්ක දාන්න. බය නෑ. හිරිනේ. මම ගාල්ලේ.”

සෞදි හමුදා කඳවුරකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

සෞදි හමුදා කඳවුරකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

සෞදි අරාබියේ පිහිටි හමුදා කඳවුරකට යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම විසින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

සෞදි අරාබියේ ‘ෂරූරා’ හමුදා කඳවුරේ පිහිටි අවි ගබඩා සංකීර්ණ සහ පාලන මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති හමුදා ප්‍රකාශක යහියා සාරි සඳහන් කරයි.

සෞදි අරාබිය විසින් යේමනයට එල්ල කරන ප්‍රහාර වලට ප්‍රතිචාරයක් ලෙස මෙය සිදුකළ බවද සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් හූති හමුදා ප්‍රකාශක යහියා සාරි සඳහන් කරයි.

ප්‍රහාර නතර නොකළහොත් ඉදිරියේදී භූමිය අභ්‍යන්තරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට හූති හමුදා ප්‍රකාශක යහියා සාරි අනතුරු ඇඟවීමක් කරයි.

ගොවි සහනාධාරය වැඩි කරයි

ගොවි සහනාධාරය වැඩි කරයි

පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 30,000ක් දක්වා වැඩි කළ බවත් එළඹෙන අයවැයේදීත් ඊළග කන්න සහ දිගටම රුපියල් 30,000ක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“වකුගඩු රෝගියෙකුට දුන්නා රුපියල් 5,000ක්. අපි ඇවිල්ලා අවුරුදු 2යි, දැන් රුපියල් 10,000යි. සහනාධාරය වැඩි කරා. භාණ්ඩාරගාරයේ සල්ලි තියෙනවා සහනාධාර වැඩි කරා. පොහොර සහනාධාරය රුපියල් 15,000යි. දැන් මේ යලට 30,000 කරා.

දිගටම 30,000යි. මම මේ සැරේ බජට් එකට දාලා තියෙන්නේ, ඊළග කන්නයේත් 30,000යි. අපි එනකොට 15,000යි, දැන් 30,000යි. ධනය තියෙනවා සහනාධාර වැඩි වෙනවා. වැඩිහිටි දීමනාව රුපියල් 3,000යි තිබ්බේ. දැන් 5,000යි. මහපොල ශිෂ්‍යාධාරය රුපියල් 5,000යි තිබ්බේ.

දැන් 10,000යි. භාණ්ඩාරගාරයේ ධනය එකතු කරලා සහනාධාර ලැබිය යුතු අයට දෙනවා. ඒ විතරක් නෙමෙයි. පළමු වතාවට ලංකාවේ, අපි 2024 අවුරුද්දෙත් දුන්නා, 2025 අවුරුද්දෙත් දුන්නා, 2026 අවුරුද්දෙත් දෙනවා. මොකක්ද.? අගහිගකම් තියෙන පාසල් දරුවන්ට රුපියල් 6,000ක් දෙනවා.

පාසල් පොත්, උපකරණ මිලදී ගන්න. ගිය අවුරුද්දේ අපි ලක්ෂ 17කට දුන්නා. අස්වැසුම සහනාධාර ගන්න පවුල්වල හැම දරුවට දුන්නා. ඊට අමතරව ළමයි 200ට අඩු පාසලකම හැම දරුවටම දුන්නා. රුපියල් 6,000 ගානේ.

අස්වැසුම සහනාධාරය වැඩි කරා. තව ගෙවල් හදන්න කිවුවා. අපි ගෙවල් හදන්න දස ලක්ෂ දහදාහක් දුන්නා. රුපියල් ලක්ෂ 10න් ගෙයක් හදන්න ආධාරයක් දෙනවා, ගමේ ඉන්න අය එකතු වෙලා ඒ ගේ හදනවා. ගෙවල් 10,000ක් හදන්න එහෙම කල්පනා කරා.

දැන් පරිවාස භාරයට පත්වෙච්ච දරුවෝ ඉන්නවා නේ. අම්ම, තාත්ත, භාරකාරයෙක් නැතුව. ඒ දරුවන්ට අනාගතයක් නෑ. අපි මේ ජනවාරි මාසයේ ඉදන් මොකද කරන්නේ. ඒ හැම දරුවටම මාසෙකට රුපියල් 5,000 ගානේ ස්ථාවර ගිණුමකට දානවා.”

ප්‍රදේශ රැසකට තද වැසි

ප්‍රදේශ රැසකට තද වැසි

අද (13) දින සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව උතුරු – මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද බස්නාහිර පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එනිසා ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

යකඩ කූරු අතරින් එළියට.. අනුරාධපුර රැලියේ කතාව නාමල් හිරේ ඉදන් කරයි

යකඩ කූරු අතරින් එළියට.. අනුරාධපුර රැලියේ කතාව නාමල් හිරේ ඉදන් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගරයේ පවත්වන ලද ජන රැලියෙන් පසුව බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.

එම සටහන පහතින්..

‘කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ යකඩ කූරු අතරින් මම ඔබව දකිමි. ඔබ විසින් මා වෙත පළ කරන මේ ලෙන්ගතු සහෝදරත්වයේ උණුසුම මම මෙහි සිට අත්විඳිමි. ඔබගේ මේ උද්යෝගිමත් සහයෝගය මට ඉමහත් ආස්වාදයකි. මේ අභියෝගාත්මක මොහොතට මම ඉතා ශක්තිමත්ව මුහුණදෙමි. ඔබ වැනි වීරවන්තයින් සහිත දේශපාලන ව්‍යාපාරයක් මෙහෙයවීමට ලැබීම මා ලද භාග්‍යයකි. ජනසටන මහ රැළිය මෙරට පොදුජන සටන් ව්‍යාපාරයේ තීරණාත්මක අලුත් ආරම්භයක් වනු ඇත. අපි මේ අවතීරණ වී සිටින්නේ යුගයේ යුක්ති සහගතම දේශපාලන සටන් අවකාශය වෙතටයි. ඔබ මා සමඟ එකඟ වනු ඇත.

ශ්‍රේෂ්ඨ ලෝක නායකයෙකු වූ නෙල්සන් මැන්ඩලා, රොබ්න් දූපත් සිර මැදිරියේ සිට ලියූ ලිපියක මෙසේ ලියා තිබුණි. “Difficulties break some men but make others.” දුෂ්කරතා ඇතැමුන්ව බිඳ දමයි. නමුත් දුෂ්කරතා විසින් ඇතැමුන්ව ගොඩනඟයි. අපි දුෂ්කරතා හමුවේ තව තවත් ශක්තිමත් වූ මිනිසුන් ය. අභියෝග අභියසදී වඩාත් ශක්තිමත් වීමේ පාඩම මට කියා දුන්නේ මගේ තාත්තාය.

ජන වරමට ගරු කිරීම, ප්‍රතිපත්තිවලට වග වීම, තීරණවලට හේතු දැක්වීම, ආණ්ඩුකරණයේ දී නොසලකා හැරිය නොහැක. නමුත් මේ ආණ්ඩුවට එවන් සදාචාරයක් නැත. වර්තමාන මාලිමා ආණ්ඩුව කියූ දේ නොකරයි. නොකියු දේ කරයි. රටේත් සමස්ත පුරවැසි සමාජයේත් සැබෑ අභිලාෂයන් නොතකා සිටී. මෙය රටක දේශපාලනයේ ප්‍රතිපත්තිමය විශ්වාසනීයත්වය බිඳ දැමීමකි.

මේ ආණ්ඩුවේ ධූර කාලයෙන් 1/3 ක් දැන් අවසන් ය. ඔවුන් විසින් සපථ කළ දියුණු ආර්ථිකය, සුව පහසු ජීවිතය, අලුත් සමාජ දේශපාලන පරිවර්තනය හුදු ප්‍රබන්ධයක් පමණි. කිසිදු පුරවැසි ආයාචනයකට මාලිමා ආණ්ඩුව සාධාරණ ප්‍රතිචාරයක් දක්වා නැත. තමන්ගේ දහඩිය මහන්සියට සාධාරණයක් ඉල්ලා සිටි ගොවීන්ට මේ ආණ්ඩුව ලබා දුන් බාල අනුවර්තනා නාමය ඔබට අමතක නැත. සාදාරණ ඉල්ලීම් සහිත කම්කරු සටනකට පිළිතුරු ලෙස අදාළ ආයතනය වසා දැමූ ආණ්ඩුවක් ගැන ඔබ මීට පෙර අසා තිබේ ද.?

තෙල් මිල, විදුලි බිල, වී මිල සහ හාල් මිල ගැන මේ තරම් බොරු පොරොන්දු දුන් ආණ්ඩුවක් තවදුරටත් බලයේ සිටිය යුතු ද.? බදු බර අඩු කරන බවට ආහාර ද්‍රව්‍ය සහ පාසල් උපකරණ සියලු බදුවලින් නිදහස් කරන බවට පොරොන්දු දුන් ආණ්ඩුවට අද ඒ කිසිවක් ගැන වගේ වගක් නැත. ජීවන වියදම දරා ගත නොහැකි මට්ටමක පවතී. අසීමිත බදු බර දෛනික ජන ජීවිතයත්, රටේ සමස්ත ආර්ථික දේහයත් නිර්වින්දනය කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, ගොවීන්, ධීවරයින්, කම්කරුවන් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් මේ සියල්ලෝම අන්ත අසරණ වී සිටිති.

සමාජ සාධාරණත්වය වෙනුවෙන් ආණ්ඩුව කිසිවක් කරන්නේ නැත. ආණ්ඩුව පොහොසත් ය. පුරවැසියන් දුප්පත් ය. ප්‍රාථමික ගිණුමේ ශේෂය හෝ අයවැය අතිරික්තයක් තුළින් පමණක් දියුණු ආර්ථිකයක් හෝ සුව පහසු ජන ජීවිතයක් නිර්මාණය වන්නේ නැත. නූතන සමාජය දියුණුව සහ සංවර්ධනය ලෙස සලකන්නේ පුරවැසියන්ගේ යහපත් ජීවන තත්ත්වයන් මිස සාර්ව ආර්ථික දත්තයන් නොවේ.

මිත්‍රවරුනි, ආණ්ඩුවේ දේශපාලන බලවතුන් සියලු දෙනා සිටින්නේ නීතියට ඉහළින් ය. නීතියට ඉහළින් කිසිවෙක් නැත යන්න මේ ආණ්ඩුව යටතේ තවදුරටත් වලංගු නැත. මේ ආණ්ඩුව රාජ්‍යයේ සියලු විමර්ශන ආයතන මුළුමනින් ම දේශපාලනීකරණය කර අවසන් ය. ආණ්ඩුවට සහ ආණ්ඩුවේ බලවතුන්ට එරෙහිව ප්‍රබල චෝදනා එල්ල වී තිබේ. නමුත් ඒ කිසිවක් පිළිබඳව පිළිගත හැකි සාධාරණ විමර්ශනයක් සිදුවන බවක් නොපෙනේ. ඒ චූදිතයන් සියල්ලෝ ම ආණ්ඩුවේ දේශපාලන රැකවරණය ලබමින් නිදැල්ලේ සිටිති.

මේ ආණ්ඩුව පොරොන්දු වූයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ජනමත විචාරණයකින් සම්මත කරන බවයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවටත් අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කරන බවටත් අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බවටත් එහි දී පොරොන්දු වී තිබුණි. පළාත් සභා මැතිවරණය පිළිබඳව ද ආණ්ඩුව සාහසික ලෙස නිහඬව සිටී.

යුක්තිය, සාධාරණය, නීතියේ අධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී හරයන් නොසලකමින් ආණ්ඩුව අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් කරලියට රැගෙන විත් තිබේ. එවැනි සංශෝධනයක අවශ්‍යතාවය පිළිබඳ පිළිගත හැකි සාධාරණ හේතු දැක්වීමක නැත. කවුරු විරුද්ධ වුනත් අපි ඒක කරනවා යැයි පාරම්බෑම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. මේ ආණ්ඩුවේ වියරු හැසිරීමට අපි තවදුරටත් ඉඩ දිය යුතු ද.?

අපේ රටේ ජනගහන දත්ත විමසා බැලීමේ දී තරුණ ජනගහනයේ සාපේක්ෂ ඉහළ යාමක් නිරීක්ෂණය වේ. එයින් මූලික වශයෙන් අදහස් වන්නේ ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසක් රැකියා වෙළෙඳ පොළට ඇතුළු වීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි. මාලිමා ආණ්ඩුව මේ තරුණ අභිලාෂය තේරුම් ගෙන නැත. අලුත් රැකියා අවස්ථාවන් උත්පාදනය සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැත. රාජ්‍ය ආයෝජන අතහැර දමා ඇත. පෞද්ගලික ආයෝජන අධෛර්යමත් කර ඇත. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය ඊට හේතු වී තිබේ. එලෙස මිය දෙන තරුණ බලාපොරොත්තු ගැන ආණ්ඩුවට කිසිදු හැඟීමක් නැත. පවුලේ ජීවන බර හේතුවෙන් තාරුණ්‍යයේ උසස් අධ්‍යාපන අවස්ථා ද අහිමි වෙමින් පවතී.

මාලිමා ආණ්ඩුවේ සියුම් සංස්කෘතික ප්‍රහාරය ද අපි තේරුම් ගත යුතුව ඇත. තම තමන්ගේ අන්‍යනතාවයන් රැකගෙන සියල්ලන් සමඟ එකට ජීවත් වීම මහජන අපේක්ෂාවයි. නමුත් එවැනි දියුණු සංහිඳියා ප්‍රවේශයක් ආණ්ඩුවට නැත. වාර්ගික සුහදත්වය සහ ආගමික සහජීවනය වෙත ආණ්ඩුවට ඇත්තේ ඉතා නොදියුණු ප්‍රවේශයකි.

ආදරණීය දෙමාපියනි, සහෝදර සහෝදරියනි, ආණ්ඩුවේ වියරු දේශපාලන බලයට මා කිසිසේත් යටත් වන්නේ නැත. මා බිය වන්නේ ද නැත. අපගේ අධිෂ්ඨානය සිරගත කළ නොහැක. කිසිවෙකු පිළිබඳ වෛරයක් අපට නැත. නමුත් මේ සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යවසනයට එරෙහිව අපි සටන් කළ යුතුව ඇත. ජයග්‍රහණය පිළිබඳ අකලංක විශ්වාසයෙන් අපි ඉදිරියටම යමු.

නොබියව වීර්යවන්තව සටන් කරමු. එය උපන් නූපන් සියල්ලන් වෙනුවෙන් අප වෙත පැවරුණු වගකීමයි. එය අත්හල නොහැක. ඕනෑම අභියෝගයක් ජයගත හැකි දැවැන්ත මහජන බලවේගයක් ගොඩ නගමු. අපි සාමකාමී වෙමු. විනය රකිමු. නීතියට ගරු කරමු. මේ ඉතිහාස ගත ජනසටන ජයග්‍රහණයෙන් අවසන් කරමු. මාගේ හෘදයාංගම ස්තුතිය ආදරයෙන් භාර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.”

✕
⌃ News
📰 Free News Subscription?