Local news

ලලිත් – කූගන් අතුරුදන් කිරීම.. ගෝඨාභයට අධිකරණයෙන් නියෝග

ලලිත් – කූගන් අතුරුදන් කිරීම.. ගෝඨාභයට අධිකරණයෙන් නියෝග

ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සාක්ෂි ලබාදෙන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (07) දින නියෝග කර ඇත.

යාපනය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මෙම නඩුව අද (07) දින විභාගයට ගත් අවස්තාවේදි මෙම නියෝගය කළේය.

ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන මස (29) වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත සම්බන්ධතාවයක් හරහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත සාක්ෂි ලබාදීමට නියමිතය.

2011 වසරේ දෙසැම්බර් මස (10) වැනිදා යාපනය ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වන අතර ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

බන්ධනාගාර ගැටුම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්

බන්ධනාගාර ගැටුම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්

මෑත කාලයේ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ සිදුවීම් යම් සැලැස්මකට අනුව සිදුවන බවට කරුණු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

එම බන්ධනාගාර සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

බන්ධනාගාර ආරක්ෂාව තහවුරු කිරීම සහ එවැනි තත්ත්වයන් යළි ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අද (07) දින අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

මීගමුව බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වනවිට පල්ලන්සේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ දක්වා කරන ලද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා.

මෙය කුමන්ත්‍රණකාරී සහ කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිපලයක් ද කියන එක. නමුත් මේ සිද්ධි වල ආසන්නතම ප්‍රතිපල හැටියට, ආසන්නතම හේතු හැටියට හඳුනා‌ගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්.”

බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රහාර.. පාලනයට කඳුළු ගෑස්

බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රහාර.. පාලනයට කඳුළු ගෑස්

මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් විසින් නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇත.

අනතුරුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවා ආරක්ෂාව තර කර ඇත.

පල්ලන්සේන නොසන්සුන්.. ආරක්ෂාව තර කරයි

පල්ලන්සේන නොසන්සුන්.. ආරක්ෂාව තර කරයි

මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවා ආරක්ෂාව තර කර ඇත.

රැඳවියන් පිරිසක් අද (07) උදෑසන වහලය මත විරෝධතාවක් ආරම්භ කිරීමත් සමඟ එහි නොසන්සුන්තාවක් හටගෙන ඇත.

මැගසින් බන්ධනාගාරයේ 9ක් වහාම බූස්සට

මැගසින් බන්ධනාගාරයේ 9ක් වහාම බූස්සට

මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ ‌නොසන්සුන් තත්ත්වයට සම්බන්ධ බව කියන රැදවියන් 9 දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ඒ සී ගජනායක සඳහන් කරයි.

මැගසින් බන්ධනාගාරයේ “E” වාට්ටුවේ ඇතිවූ ගැටුමෙන් 11 දෙනකු තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ඒ සී ගජනායක සඳහන් කරයි.

බන්ධනාගාර තුළ සිටින සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ රැඳවියන් අතර මෙලෙස ගැටුම් ඇතිව තිබෙන අතර තවත් පිරිසක් විසින් බන්ධනාගාර ගොඩනැගිල්ලක දේපල වලට හානිකර ඇත.

එම රැඳවියන් පිරිස එහි තිබු පරිඝණක සහ උපකරණ රැසකට දැඩි ලෙස හානි කර ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

රෝහලේ සිටි රැඳවියෙක් මරුට

රෝහලේ සිටි රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇත.

පල්ලන්සේන බන්ධනාගාරය නොසන්සුන්

පල්ලන්සේන බන්ධනාගාරය නොසන්සුන්

මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වේ.

මේ වනවිට රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.

රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදු දෙකකට යුක්‍රේනයෙන් ප්‍රහාර

රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදු දෙකකට යුක්‍රේනයෙන් ප්‍රහාර

රුසියාවේ Bashneft-Novoil සහ Slavneft-Yanos තෙල් පිරිපහදු දෙක ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරයි.

රුසියාව යුද්ධය සඳහා භාවිතා කරන තෙල් ආදායම සීමා කිරීම මෙම ප්‍රහාරවල අරමුණ බවද යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරයි.

තවද කළු මුහුදේ රුසියානු හමුදා මුර යාත්‍රා සහ සම්බාධක මඟහැර තෙල් ප්‍රවාහනය කරන බව කියන නෞකා කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවද ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරයි.

කුරුවිට බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

කුරුවිට බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

අද (07) කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය යෙදවීමට සිදුවූ බව අධිකරණ අමාත්‍ය අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය යෙදවු අතර වෙඩි තැබීමක් සිදුකර තත්ත්වය පාලනය කළ බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් මේ වනවිට දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙක් මරුට

කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙක් මරුට

කුරුවිට බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය සඳහන් කරයි.

මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

කුරුවිට බන්ධනාගාරයේ අද (07) උදෑසන මෙම නොසන්සුන්තාව හටගත් අතර එය පාලනය සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.