Local news

දියවන්නාව සුද්ද කරන්න කඩිනම් සැලැස්මක්

දියවන්නාව සුද්ද කරන්න කඩිනම් සැලැස්මක්

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වු අතර එහිදී, දියවන්නා ඔයේ ජලය දුර්වර්ණ වීම සම්බන්ධයෙන් පත් කළ කාර්යසාධක බලකායේ අවසන් වාර්තාව සලකා බලා ඇත.

එම අවසන් වාර්තාව මගින් දියවන්නා ඔය සහ පාර්ලිමේන්තුව ආශ්‍රිත ජල පද්ධතියට ගෘහස්ථ අපජලය, වාණිජ හා කාර්මික අපද්‍රව්‍ය එක්වීම ප්‍රධාන දූෂණ මූලාශ්‍ර ලෙස හඳුනාගෙන ඇති අතර ඒ සඳහා කෙටි, මධ්‍යම හා දිගුකාලීන අදියර තුනකින් යුත් කළමනාකරණ සැලැස්මක් යෝජනා කර ඇත.

අපද්‍රව්‍ය සෘජුව ජල මාර්ගවලට එක්වන ස්ථාන හඳුනාගෙන පාලනය කිරීම, ඝන අපද්‍රව්‍ය ජල මාර්ගවලට එක්වීම වැළැක්වීම, අපජල පිරිපහදු පද්ධති ස්ථාපනය කිරීම සහ ජලයේ ගුණාත්මකභාවය අඛණ්ඩව අධීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

අඩු ආදායම්ලාභී ජනාවාසවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, නීති විරෝධී ලෙස අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

ඒ අනුව දියවන්නා ඔය සහ පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ජල දූෂණය පාලනය කිරීම සඳහා සකස් කර ඇති ජාතික මට්ටමේ වැඩපිළිවෙළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ජපන් රජයෙන් පත්ල පහත් බස් රථ 07ක් ලංකාවට

ජපන් රජයෙන් පත්ල පහත් බස් රථ 07ක් ලංකාවට

ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් පත්ල පහත් බස් රථ හතක් පරිත්‍යාග කර ඇත.

ජපන් රජයේ සහ ජපාන යොකොහමා නගර වැසියන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගක් ලෙස මෙම පත්ල පහත් බස් රථ හතක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.

මෙරටට ප්‍රදානය කරන ලද නව බස්රථ හත ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් බාරදීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා (HE Akio Isomata) අතින් සිදුකෙරුණි.

කොළඹ ප්‍රදේශ රැසකට පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ රැසකට පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව හෙට (03) දින රාත්‍රී 8.00 සිට සිකුරාදා (04) රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවයි.

තවද, සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

CIDයේ හිටපු ශානි නැවත DIG වෙයි

CIDයේ හිටපු ශානි නැවත DIG වෙයි

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂක ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ පත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීම හේතුවෙන් එම අධ්‍යක්ෂ ධූරය පුරප්පාඩුව පැවතිණි.

මේ අතර එම දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ශානි අබේසේකර එම දෙපාර්තමේන්තුවේම ඊට ඉහළ තනතුර වන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීමක් ලබා ඇත.

ඒ අනුව ශානි අබේසේකර එම දෙපාර්තමේන්තුවේ සියලු රාජකාරී සහ වැඩ කටයුතු අධීක්ෂණය කරමින් එම දෙපාර්තමේන්තුවේම කටයුතු කරයි.

පිස්තෝලයෙන් සෙල්ලම් දැමු මහින්දගේ මිතුරා හදිසියේම මියගිය හැටි

පිස්තෝලයෙන් සෙල්ලම් දැමු මහින්දගේ මිතුරා හදිසියේම මියගිය හැටි

පසුගිය 2014 වසරේ මාර්තු මාසයේදී අම්බලන්තොට පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට පහරදීමට සහ පැහැරගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමකට අදාළව 2015 වසරේදී එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට පත්වූ අතර පසුව ඇප මත නිදහස් විය.

තවද 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ හම්බන්තොට බස් නැවැතුම්පොළ අසල පැවැති “වීදියේ විරෝධය” වීථි නාට්‍ය කණ්ඩායමකට සහ විපක්ෂයේ විරෝධතාවයකට පහරදීමේ සිදුවීමකට අදාළව එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය.

පසුගිය 2014 අප්‍රේල් (17) වැනිදා මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ කටයුත්තක නිරත වූ එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාර සහ ආර්.යෝගරාජන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමකට සහ මාධ්‍යවේදීන්ට එහි ප්‍රදේශවාසීන් සහ වරාය සේවකයන් පිරිසක් ගල් හා බිත්තර ප්‍රහාර එල්ල කරමින් විරෝධය පළ කළේය.

එහිදී එරාජ් ප්‍රනාන්දු අතැතිව තිබූ ගිනිඅවියක් මන්ත්‍රීවරුන් දෙසට යොමු කරමින් ලුහුබඳින ආකාරය මාධ්‍ය මගින් වීඩියෝ ගත කර තිබුණ අතර පසුව එය සෙල්ලම් පිස්තෝලයක් බවත් තමන් එම ස්ථානයට පැමිණියේ මන්ත්‍රීවරුන් ප්‍රහාරයෙන් බේරාගැනීමට බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එම සිදුවීමට අදාළව පවරා තිබූ නඩුවේ තීන්දුව පසුගිය 2019 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරමින් හම්බන්තොට මහාධිකරණය විසින් ඔහුට වසර පහක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ දඩ මුදල් නියම කළ අතර පසුව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හැරුණේය.

එරාජ් ප්‍රනාන්දු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදි 2014 වසරේදී හම්බන්තොට නගරාධිපති ධුරයට පත්වූ අතර අනතුරුව 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව දෙවන වරට හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්විය.

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ සිරුර ඔහුට අයත් බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළදී අද (02) දින සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

එරාජ් ප්‍රනාන්දු සියදිවි හානිකරගත් බවට වාර්තා වුවද, ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

රැස්වීමක් අතරතුර සීලරතන හිමිට මැර ප්‍රහාරයක්

රැස්වීමක් අතරතුර සීලරතන හිමිට මැර ප්‍රහාරයක්

ජන සෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමිට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.

විහාරස්ථානයේ පැවැති රැස්වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර අනතුරුව තුවාල ලැබූ සීලරතන හිමි ගම්පහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

උන්වහන්සේ මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එම ප්‍රහාරය⁣ට සම්බන්ධ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වීරගුල පොලීසිය කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.

පොහොට්ටුවේ හිටපු නගරාධිපති සියදිවි නසාගනී

පොහොට්ටුවේ හිටපු නගරාධිපති සියදිවි නසාගනී

හම්බන්තොට මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට වාර්තා වුවද, ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදී, 2014 වසරේදී නගරාධිපති ධුරයට පත්වූ අතර අනතුරුව 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව දෙවන වරට හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්විය.

හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මියයන විට 57 වන වියේ පසුවුණි.

බොක්ස් ඔෆිස් වාර්තා කඩන චිත්‍රපටය තවත් දින කිහිපයකින් තිරගත වේ

බොක්ස් ඔෆිස් වාර්තා කඩන චිත්‍රපටය තවත් දින කිහිපයකින් තිරගත වේ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලබන (05) වැනිදා සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජනරැලි සහ රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කටයුතු, ප්‍රතිපත්ති සහ රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව සෘජුවම මහජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව ලබන (05) වැනිදා සිට දින කිහිපයක් පුරාවට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ජනරැලි සහ රැස්වීම් මාලාව පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇත.

ජනතාවට පවතින ගැටලු, ජනතාව වෙනුවෙන් ලබන අයවැයේදී මුදල් වෙන් කරන ව්‍යාපෘති පිළිබඳව සහ දැනට අවසන් කර තිබෙන ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය ද දැනුවත් කිරීමට නියමිතය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159ට එරෙහිව පැමිණිල්ලක්

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159ට එරෙහිව පැමිණිල්ලක්

ජාතික ජන බලවේග පක්ෂයෙන් පාර්ලිමේන්‍තුවට තේරි පත්වූ මන්‍ත්‍රීවරුන් 159ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දූෂණ විරෝධී පනත යටතේ කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා දිනන දකුණ සංවිධානය විසින් අද (02) දින අල්ලස් කොමිසම⁣ට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

අදාළ මන්ත්‍රීවරු සිය මන්ත්‍රී ධුරයට හිමි වරප්‍රසාද දීමනා ජනතා විමුක්ති පරෙමුණේ බැංකු ගිණුමට තැන්පත් කිරීම මඟින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇතැයි ඔවුන් සඳහන් කරයි.

ආණ්ඩුවට බය නැතුව විරුද්ධ වෙන්නේ පිස්සෝ

ආණ්ඩුවට බය නැතුව විරුද්ධ වෙන්නේ පිස්සෝ

අද වනවිට ලංකාවේ ප්‍රබල විපක්ෂයක් නොමැති බවත් එයට හේතුව, තිබෙන නඩු ප්‍රමාණයත් එක්ක දේශපාලඥයින්ට එළියට එන්න බැරී වී සිටීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් කරයි.

විපක්ෂයේ දේශපාලඥයින් ආණ්ඩුවට එරෙහිව එළියට එන්න බිය වී සිටින බවත් එලෙස බය නැතිව එළියට එන්නේ, තනිකඩ පුද්ගලයෙක් හෝ පිස්සෙක් බවද හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් කළේ,

“ඉතිහාසයේ ඉදන් දැක්කේ යම්කිසි ප්‍රධාන පක්ෂයක් වැඩ කරනකොට ප්‍රබල විපක්ෂයක් ඉදලා. හැබැයි අද ප්‍රබල විපක්ෂයක් නැති වෙන්න හේතුව මොකක්ද.?

අද මේ අයගේ තියෙන, ලබාදෙන පීඩනයත් එක්ක, මේ දාන නඩු ප්‍රමාණයත් එක්ක, මේ සියලු දේ එක්ක සියලු දේශපාලඥයින්ට එළියට එන්න අවස්ථාවක් නැතිවෙලා තියෙනවා. බැරිවෙලා තියෙනවා.

මේ අයට දරුවෝ ඉන්නවා. භාර්යාවක් ඉන්නවා. පවුලක් තියෙනවා. ජීවත්වීමේ ආසාවක් තියෙනවා. මේ අය කරන දේවල් ටික බලන්නකෝ. කවුද මේකත් එක්ක බය නැත්තේ.

මේකත් එක්ක බය නැත්නම් එක්කෝ තනිකඩයෙක් වෙන්න ඕන. එක්කෝ පිස්සෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් කොහොමද බය නැතුව මේකට මුහුණ දෙන්නේ.”

මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් මේ බව සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?