Top Story

කොළඹ ජල සැපයුම ගැන දැනුම්දීමක්.!

කොළඹ ජල සැපයුම ගැන දැනුම්දීමක්.!

මේ වනවිට කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතු වලට බලපෑම් එල්ලවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කරයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ ක්‍රියා කිරීමේ ගැටලු මතුවුවහොත් කොළඹ නගරයට ජල සැපයුම් අවධානමට ලක්වන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කරයි.

සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ,

“අපිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයෙන් අනතුර ඇඟවීම් කරලා තියෙනවා කැලණි ගඟේ ජල මට්ටම ඉහළ නගිමින් පවතිනවා කියලා.

යම් ප්‍රමාණයකට තවත් අඩි 07කට 8කට ආසන්න ප්‍රමාණයකට ජල මට්ටම ඉහළ ගියහොත් අපිට අඹතලේ ජල පවිත්‍රාගාරයේ නිසා ආකාරව ක්‍රියා කිරීමේ ගැටලු මතුවෙනවා.

එහෙම වුණොත් තමයි කොළඹ නගරයට ජල සැපයුම් අවධානමට ලක්වෙන්නේ. අපි පුළුවන් තරම් උත්සහා කරන්නේ ඒ තත්ත්වය මැඩ පවත්වා ගන්න.” 

රටේ තත්ත්වය අවදානම්.. නැවත පාසල් ආරම්භ කරන දිනය මෙන්න.!

රටේ තත්ත්වය අවදානම්.. නැවත පාසල් ආරම්භ කරන දිනය මෙන්න.!

දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් සියලුම පාසල් ආරම්භ කිරීම තවදුරටත් කල්දමා ඇත.

ඒ අනුව තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස (16) වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි.

උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දමයි.!

උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දමයි.!

දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමු බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

මුදල් ගැන නොසිතා සහන සලසන්න.. ජනපති නියමයෙන් මිලියන 12,000ක් වෙන් කරයි.!

මුදල් ගැන නොසිතා සහන සලසන්න.. ජනපති නියමයෙන් මිලියන 12,000ක් වෙන් කරයි.!

විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම සඳහා මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරු වෙත උපදෙස් ලබා දී තිබේ.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන්කර ඇති අතර 2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30ක් හදිසි අවශ්‍යතා සඳහා වෙන්කර ඇති බවය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට අද (28) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

ජනතාව මුදා ගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේදී තවදුරටත් මුදල් අවශ්‍ය නම් ඉල්ලා සිටින ලෙසත්, හදිසි අවස්ථාවලදී දැනට දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සතුව පවතින මුදල් වැය කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මුදල් වැය කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වීම වළක්වා ගැනීමට නව චක්‍ර ලේඛයක් වහාම නිකුත් කරන ලෙසද මෙහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවතැන් වූ ජනතාව වෙනුවෙන් පවත්වා ගෙන යන කඳවුරුවල පාලනය යුද හමුදාවට භාර දීමටද උපදෙස් දුන්නේය.

සිර වී සිටින ජනතාව මුදවා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය බෝට්ටු, හෙලිකොප්ටර් ඇතුලු වෙනත් උපකරණ සහ වාහන පිළිබඳව වහාම දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දිසාපතිවරුන්ට දැනුම් දී ඇත.

එම කටයුතු සම්බන්ධීකරණය සඳහා ආරක්ෂක මූලස්ථානයේ වෙනම ඒකකයක් පවත්වා ගෙන යාමටත්, ඒ හා සම්බන්ධ වීමට විශේෂ දුරකථන අංක දහයක් හඳුන්වා දීමටත් අදාළ අංශවලට දැනුම් දී තිබේ.

එමෙන්ම ගංවතුර, නායයාම් සහ ගස්කඩා වැටීම් හේතුවෙන් විනාශ වී ඇති යටිතල පහසුකම් පිළිබඳ ලේඛන සකස් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කරන ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරු වෙත වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදා තත්ත්වය පහව යාමත් සමඟ එම ලේඛනවලට අනුව ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් අදාළ පිළිසකර කිරීම් ආරම්භ කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

සජබ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි.!

සජබ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි.!

පක්ෂයේ තීන්දුව අනුව පක්ෂ නායකත්වය පාවා නොදී තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඉස්මයිල් මුත්තු මේ බව සඳහන් කළේය.

ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් ඉස්මයිල් මුත්තු මොහොමඩ් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ජනපති ප්‍රධානත්වයෙන් ජාතික ආපදා කළමනාකරණ සභාව රාත්‍රියේ රැස්වෙයි.!

ජනපති ප්‍රධානත්වයෙන් ජාතික ආපදා කළමනාකරණ සභාව රාත්‍රියේ රැස්වෙයි.!

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (27) රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශයේදී රැස් විය.

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල්ව විමසා බැලීම මෙහිදී සිදු කෙරුණු අතර ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අද පෙරවරුවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සමග පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ තීන්දු තීරණ මෙන්ම ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් මේ වන විට ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම සහ එහිදී මතුව ඇති ගැටලු සහ ඊට ලබාගත හැකි කඩිනම් විසදුම් පිළිබද විමසා බැලීමද මෙහිදී සිදු කෙරිණි.

එමෙන්ම වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වු අතර විශාල ජල කඳක් ඒකරාශී වීමෙන් වැව් බැම්මට සහ ජලාශවල වේල්ලට එල්ල විය හැකි අධික පීඩනය නිසා ඒවා කැඩී යෑමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරමින් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගත යුතු පියවර ගන්නා ලෙසද අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් දැනට දිස්ත්‍රික්කවලට වෙන් කර ඇති මුදල් සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසු අතර දැනට වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් බව නිලධාරීහූ ප්‍රකාශ කළහ.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නැගෙනහිර වෙරළ තීරයේ ඇති විය හැකි තත්ත්වය පිලිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර සුළි කුණාටු සහ වර්ෂාපතනය හේතුවෙන් නිරන්තරයෙන් සිදුවන කාලගුණික වෙනස් වීම්, ආපදා තත්වයන් සහ අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳව යාවත්කාලීන තොරතුරු ජනතාව දැනුවත් කිරීම සඳහා නිරන්තරයෙන් මාධ්‍ය වෙත ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ පුවත් මගින් ජනතාව නොසන්සුන් වීම සිදුවිය හැකි බැවින් සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීම් සහගත සහ අවබෝධයෙන් කටයුතු කරන ලෙස ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ නිවාස සහ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

එහිදී නිරන්තරයෙන් පැන නැගෙන ගැටලුවක් වන තොරතුරු ඉහළට ගලා ඒමේ ප්‍රමාදය හේතුවෙන් අදාළ වන්දි මුදල් නිසි වේලාවට ජනතාවට නොලැබෙන බවත්, එම තත්ත්වය වළක්වා ගැනීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවන්හි ඉංජිනේරු අංශවල සහාය ලබා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම හානියට පත් ගොවි බිම් යථා තත්ත්වයට පත්කිරීමේදී ලබා දිය යුතු පොහොර සහනාධාරය සහ බිත්තර වී සැපයීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ගැටලුවලට මුහුණ පා සිටින විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් කාර්යක්ෂමව සැපයීමට කටයුතු කරන ලෙස සංචාරක මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී මෙරටට පැමිණ සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ කරුණු විමසා සිටි අතර, අදාළ රටවල් සමග සාකච්ඡා කර අප රට මුහුණ දී සිටින හදිසි ආපදා තත්ත්වය සහ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳ දැනුවත් කිරීමට කමිටුවක් පත් කරන ලෙසද යෝජනා කළේය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, කාලගුණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය යන රේඛීය ආයතන නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරු, ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

රජයේ සියලු දෙනාට විශේෂ නිවාඩු ලබාදෙයි.!

රජයේ සියලු දෙනාට විශේෂ නිවාඩු ලබාදෙයි.!

මේ වනවිට දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන වලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන වලට හෙට දිනය විශේෂ නිවාඩු දිනයක් වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

වහාම ඉවත්වෙන ලෙස දිස්ත්‍රික්ක 7ක ජනතාවට රතු නිවේදන නිකුත් කරයි.!

වහාම ඉවත්වෙන ලෙස දිස්ත්‍රික්ක 7ක ජනතාවට රතු නිවේදන නිකුත් කරයි.!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් සඳහා මෙලෙස රතු නිවේදන නිකුත් කර තිබේ.

අද (27) උදෑසන සිට හෙට දින (28) පෙරවරු 9 දක්වාමෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 7ක් සඳහා නයයෑම් අනතුරු ඇඟවීම් අවදානම් නිවේදනද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇත.

එම ස්ථානයන් පහතින් දැක්වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)

බදුල්ල දිස්ත්‍රික්කය:

– බදුල්ල
– ⁠හාලි ඇල
– ⁠කන්දකැටිය
– ⁠පස්සර
– ⁠මීගහකිවුල
– ⁠ඌව පරණගම
– ⁠වැලිමඩ

මහනුවර දිස්ත්‍රික්කය:

– උඩපලාත
– ⁠ගගවට කෝරළය
– උඩුදුම්බර
– ⁠දොළුව
– ⁠මිණිපෙ
– ⁠පාතහේවාහැට
– ⁠මැදදුම්බර
– ⁠දෙල්තොට
– ⁠අකුරණ
– ⁠ගඟ ඉහළ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය:

– මාවනැල්ල
– ⁠රඹුක්කන
– ⁠අරණායක

කුරුණෑගල දිස්ත්‍රික්කය:

– රිදීගම
– ⁠මාවතගම
– ⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය:

– නාඋල
– ⁠රත්තොට
– ⁠අඹන්ගග කෝරළය
– ⁠උකුවෙල
– ⁠විල්ගමුව
– ⁠යටවත්ත
– ⁠මාතලේ
– ⁠පල්ලෙපොල
– ⁠ලග්ගල පල්ලේගම

මොනරාගල දිස්ත්‍රික්කය:

– ⁠බිබිල
– ⁠මැදගම

නුවරඑළිය දිස්ත්‍රික්කය:

– වලපනේ
– ⁠හගුරන්කෙත
– ⁠නිල්දණ්ඩාහින්න
– ⁠මතුරට
– ⁠නුවර එළිය
– ⁠කොත්මලේ බටහිර
– ⁠කොත්මලේ නැගෙනහිර

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)  

බදුල්ල දිස්ත්‍රික්කය:
– හල්දුම්මුල්ල
– ⁠ඇල්ල
– බණ්ඩාරවෙල
– ⁠හපුතලේ

මහනුවර දිස්ත්‍රික්කය:
– ⁠පාතදුම්බර
– ⁠යටිනුවර
– ⁠තුම්පනේ
– ⁠උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ගලිගමුව
– ⁠වරකාපොල
– ⁠කෑගල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
– පොල්ගහවෙල
– ⁠නාරම්මල
– ⁠අලව්ව

මොනරාගල දිස්ත්‍රික්කය:
– බඩල්කුඹුර
– ⁠වැල්ලවාය

නුවරඑළිය දිස්ත්‍රික්කය:
– ⁠අඹගමුව
– ⁠තලවකැලේ
– ⁠නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය:
– කොලොන්න
– ⁠ඇලපාත
– ⁠රත්නපුර
– ⁠අයගම
– ⁠බලන්ගොඩ
– ⁠කලවාන
– ⁠ඉඹුල්පෙ
– ⁠කහවත්ත
– ⁠නිවිතිගල
– ⁠ගොඩකවෙල
– ⁠ඇහැළියගොඩ
– ⁠කුරුවිට
– ⁠කල්තොට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ) 

බදුල්ල දිස්ත්‍රික්කය:
– ⁠ලුණුගල
– ⁠සොරණාතොට

හම්බන්තොට දිස්ත්‍රික්කය:
– ඔකේවෙල
– ⁠වලස්මුල්ල

මහනුවර දිස්ත්‍රික්කය:
– ⁠හාරිස්පත්තුව
– ⁠පූජාපිටිය
– ⁠පස්බාගෙ කෝරළය
– ⁠පන්විල
– ⁠හතරලියද්ද
– ⁠කුණ්ඩසාලේ

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ⁠රුවන්වැල්ල
– ⁠දැරණියගල
– ⁠යටියන්තොට
– ⁠බුලත්කොහුපිටිය
– ⁠⁠දෙහිඹ්විට

මාතර දිස්ත්‍රික්කය:
– පස්ගොඩ

රත්නපුර දිස්ත්‍රික්කය:
– ⁠ඇඹිලිපිටිය
– ⁠ඹ්පනායක
– ⁠වැලිගෙපොල
– ⁠කිරිඇල්ල
– ⁠පැල්මඩුල්ල

උසස් පෙළ කල් යයි.. නැවත විභාග පැවැත්වෙන දින මෙන්න.!

උසස් පෙළ කල් යයි.. නැවත විභාග පැවැත්වෙන දින මෙන්න.!

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (27) දින හෙට (28) දින සහ අනිද්දා (29) දිනයන් වල නොපවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

ඒ අනුව අද (27) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස (07) වනදාත් හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස (08) වනදාත් සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස (09) වනදාත් පැවැත්වෙයි.

අපොස උසස් පෙළ විභායය අවලංගු කරයි.! (Breaking News)

අපොස උසස් පෙළ විභායය අවලංගු කරයි.! (Breaking News)

අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත දැනුම්දීමට නියමිතය.