2026 වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන් සම්බන්ධ විවිධ පැමිණිලි 9,613ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව සඳහන් කරයි.
අදාළ කාලසීමාව තුළ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදී වන අතර එම සංඛ්‍යාව 1,554ක් බව එම අධිකාරිය සඳහන් කරයි.
අදාළ මාස නවයක කාලසීමාව තුළ ලිංගික අතවර සම්බන්ධ පැමිණිලි 364ක් සහ බරපතළ ලිංගික අතවර සම්බන්ධ පැමිණිලි 114ක්, ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 169ක්, ලිංගික සූරාකෑම සම්බන්ධ පැමිණිලි 8ක්, ළමුන් වෙළෙඳාම සම්බන්ධ පැමිණිලි 40ක් එම අධිකාරිය වෙත ලැබී ඇත.
තවද, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදා ගැනීම සම්බන්ධ පැමිණිලි 37ක්, ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,889ක්, යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 51ක්, ළමා විවාහ සම්බන්ධ පැමිණිලි 9ක් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පැමිණිලි 99ක් එම අධිකාරිය වෙත ලැබී ඇත.

