ඉරාන ධජය සහිත නෞකා 20ක් ශ්‍රී ලංකාව ආසන්නයේ

LIVE

ඉරාන ධජය සහිත නෞකා 20කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට කිලෝමීටර 22කට ආසන්න මුහුදේ නවතා ඇති බව ජාත්‍යන්තර නෞකා ගමනාගමන නිවේදන හරහා සඳහන් කරයි.

මොරටුව සිට ගාල්ල දක්වා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව ඉරාන ධජය සහිතව යාත්‍රා කරන ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට අධික ප්‍රමාණයක් මෙලෙස නවතා ඇත.

ශ්‍රී ලංකා භූමියේ සිට නාවික සැතපුම් 12ක්, එනම් කිලෝමීටර 22ක් පමණ වන සීමාව ශ්‍රී ලංකා භෞමික ජල තීරයයි.

මෙම කලාපය තුළ ශ්‍රී ලංකා රජය⁣ට පුර්ණ ස්වෛරීභාවය සහ නීතිමය බලතල හිමිවන අතර ඉරාන නෞකා නවතා ඇත්තේ එම සීමාවට ඔබ්බෙන් වු මුහුදේ.

0 Comments
Most Voted
Newest Oldest