අනුර කුරුණෑගල හොල්ලයි.. පැය 24ක් යන්නත් කලින් සජබ ප්‍රබලයා ඉල්ලා අස්වෙයි

LIVE

සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින්, හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමගි ජන බලවේගයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.

කුරුණෑගල ප්‍රධාන සංවිධායක ධුරය සහ සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති, විපක්ෂ නායකවරයාගේ වෘත්තිය සමිත සම්බන්ධීකරණ ලේකම් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල යන සියලු තනතුරු වලින් අද (12) සිට ඉල්ලා අස්වන බව අශෝක් අබේසිංහ සඳහන් කරයි.

ඊයේ (11) දින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය සහ ඉබ්බාගමුවේ පැවති දැවැන්ත ජන රැළි දෙකෙන් පසුව සමගි ජන බලවේග කුරුණෑගල ප්‍රධාන සංවිධායක ධුරය දරන අශෝක් අබේසිංහ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest