චාමර සම්පත්ට දුන් නියෝගය

LIVE

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත දිසානායක ඔක්තෝබර් (23) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ අවධියේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පුද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81ක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාමර සම්පත් අත්අඩංගුවට ගත්තේය.

0 Comments
Most Voted
Newest Oldest