Advertisements

ගල්අඟුරු කොමිසමේ කටයුතු අද සිට ඇරඹෙයි

මෙරට සියලුම ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු අද (22) දින ආරම්භ කරන අතර එහි කාර්යාලය කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත.

සියලුම ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පත් කෙරිණ.

කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේත්, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්නත් පත් කර ඇති අතර එහි ලේකම් ලෙස රාජ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් පී.වී. බන්දුලසේන පත් කර ඇත.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest