LIVE
රටේ ජනතාවගේ නිවාස බලාපොරොත්තුව ඉටු කරගැනීම සඳහා සහනදායි පදනමට ණය ලබාදීමට ස්ථාපනය කර ඇති ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථාවෙන් හිටපු ඇමති දයා ගමගේට අයත් ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 974ක ණය ලබාදී ඇතැයි හෙළිවී ඇත.
මෙම ණය මුදල ලබාගෙන ඇත්තේ දේශපාලන බලපුළුවන්කාරකම් ඇති පුද්ගලයින් ලෙස බැංකුවට කළ බලපෑම් වලින් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව යටතේ ඇති අනු කමිටු රැස්වීමකදී අනාවරණය විය.
මේ අතර පසුගිය 2019 වසරේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍යමය අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් හිටපු අමාත්‍ය දයා ගමගේට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
