LIVE
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි එකම වයස්ගත ජිරාෆ් සත්ත්වයා මියගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී රාජපක්ෂ සඳහන් කරයි.
මෙම ජිරාෆ් සත්ත්වයා මියයාමට පෙර විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නොතිබූ අතර සත්ත්වයා වයස්ගත වීමත් සමඟ ඇති වූ ස්වභාවික තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇත.
සාමාන්‍යයෙන් ජිරාෆ් සත්ත්වයන්ගේ ආයු කාලය වනයේදී වසර 20–25ක් පමණ වන අතර සත්වෝද්‍යාන පරිසරයකදී ඊට වැඩි කාලයක් ජීවත් විය හැකි බවද අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී රාජපක්ෂ සඳහන් කරයි.
මෙම ගැහැණු ජිරාෆ් සත්ත්වයාගේ වසය අවුරුදු තිහක් පමණ වන අතර සත්ත්වයාගේ මරණ පරීක්ෂණ කටයුතු අද (19) දින සිදු කිරීමට නියමිතව ඇත.
