Advertisements

දෙනියායේ ජල මූලාශ්‍ර ගැන අනාවරණයක්

දෙනියාය නගරයට සහ පාසල් වලට ජලය සපයන ජල මූලාශ්‍ර අනාරක්ෂිත බවට අනාවරණ වී ඇතැයි, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ජී.එස්. පණ්ඩිතරත්න සඳහන් කරයි.

පැතිර යන රෝගී තත්ත්වය පිළිබඳ විමර්ශනය කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සිය වාර්තාව මගින් ඒ පිළිබඳ අනාවරණ කර ඇති බවද වෛද්‍ය එන්. ජී.එස්. පණ්ඩිතරත්න සඳහන් කරයි.

ඒ අනුව අදාළ ජල මූලාශ්‍ර ක්ලොරිනීකරණය කිරීමට පියවර ගෙන ඇති අතර පැතිර යන වෛරස් උණ රෝගය වැළඳුනු රෝගීන් 50 දෙනෙකු වාර්තා වී ඇති බවද වෛද්‍ය එන්. ජී.එස්. පණ්ඩිතරත්න සඳහන් කරයි.

රෝගීන්ගේ ජෛව සාම්පල් යොමුකර කරාපිටිය රෝහලේ සිදුකළ පර්යේෂණ වලට අනුව එය මිනිස් සිරුරේ ආහාර මාර්ගය ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන වෛරස් කාණ්ඩයක් බවට අනාවරණය වී ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest