මල් ශාලාවේ කුඩු විකුණූ අම්මයි පුතයි.!

LIVE

පානදුර උතුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ මල් ශාලාවක හෙරොයින් ජාවාරමක් සිදුකළ දෙදෙනෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට ලද තොරතුරක් මත (25) සිදුකළ වැටලීමකදී මෙම මල් ශාලාවේ හිමිකරුවන 39 හැවිරිදි පුත්‍රයා සහ 69 හැවිරිදි ඔහුගේ මව හෙරොයින් ග්‍රෑම් 21ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කරන පනත යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest