හිටපු ඇමති දුමින්දගේ නඩුවට දුන් නියෝගය

LIVE

රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන් වශයෙන් නම් කර තිබෙන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාවක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් එම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ සඳහා යළි නොවැම්බර් (04) වන දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

පසුගිය 2025 වසරේ මැයි (20) වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest