LIVE
ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට (28) දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
එම ඉන්ධන සහනාධාර පැකේජය සඳහා රුපියල් කෝටි 4100ක් වෙන් කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ඒ අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස සඳහා මෙම ඉන්ධන සහනාධාරය ලැබෙනු ඇත.
ගම්පහ පැවැති ජන රැලියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.
