ඉන්ධන QR කෝටාව යළිත්.?

ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලෝකයේ මතුව තිබෙන ගැටලු නිසා ශ්‍රී ලංකාව තුල ඉන්ධන මිල ඉහළ යනු ඇති බව බවත් ඒත් සමග භාණ්ඩ මිලද ඉහළ යනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

මේ වනවිට ලෝකයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය, ශීත දේශගුණ තත්ත්වය, ඉන්ධන ප්‍රවාහනයට අය කරන රක්ෂණ ගාස්තු ඉහළ යාම, ඉන්ධන සැපයුම අඩුවීම වැනි කාරණා හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සඳහා එකම පිළිතුර ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම නොවන බවත් නැවතත් ඉන්ධන කෝටා (QR) ක්‍රමයට යා යුතු වනු ඇති බවද මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close