ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය විසින් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.
අදාළ පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත්වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දැනුම් දීමෙන් පසුව මෙම ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කරනු ලැබීය.
ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්රියන්ත ප්රනාන්දු යන විනිසුරු මඩුල්ල නම් කර ඇත.

