LIVE
තෙදින ජාතික ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 04/2026 යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.
ඒ අනුව අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට නියමිතය.
ශ්‍රී ලාංකීය රසවින්දනීය ගීත කලාවට අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනීයගේ අභාවය හේතුවෙන් ජාතික ශෝක දිනයන් රජය විසින් ප්‍රකාශයට පත් කළේය.
