LIVE
විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
218 වන අධිකාරිය වූ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පත.
මෙම පනත් කෙටුම්පතෙහි දෙවන වර කියවීම හෙට (09) දිනට නියමිතව ඇත.
විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පසුගිය අගෝස්තු (24) වනදායි.
යෝජිත කෙටුම්පත මගින් විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනතට සංශෝධන කිහිපයක් සිදුකර ඇති අතර නව යෝජනා කිහිපයක් ද හදුන්වා දී ඇත.
