හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ශුක්‍රාණු පිසදැමූ බවට බාලවයස්කාර දැරිය විසින් පෙන්වන ලද පාපිස්සෙහි දෙපැත්තෙහිම එම හිමියන්ගේ ශුක්‍රාණු තිබූ බව රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
පොලිසිය විසින් අදාළ අපරාධ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයේදී පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩයක් ලෙස නම් කර, රස පරීක්ෂකවරයා වෙත යොමු කළ එම හිසකෙස් කොටස වින්දිත දැරියගේ නොව වෙනත් කාන්තාවකට අයත් එකක් බවද රස පරීක්ෂණ වර්තාවේ තවදුරටත් දක්වා ඇත.
පල්ලේගම හේමරතන හිමි බාල වයස්කාර දැරියක ලිංගික හිංසනයට ලක් කළ බව කියන සිද්ධියට අදාළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින බී 22424/ 2026 අංක දරන නඩු ගොනුවට අදාළ රස පරීක්ෂක වාර්තාව නිල ලේඛනයක් ලෙස ගොනු කරමින් මෙම රස පරීක්ෂක වාර්තාවේ පිටපතක් රජයේ රස පරීක්ෂකවරයා විසින් නීතිපතිවරයාට යොමුකර ඇත.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා 2027 වසරේ ජනවාරි මස (08) දින දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කළේය.
මේ අතර අපරාධ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයට රැගෙන ගිය අවස්ථාවේදී දැරිය ආවාස ගෙයට ගමන් කර සැකකාර පල්ලේගම හිමි සැතපෙන ආවාස කුටිය පෙන්වා එම කුටිය තුළදී ඇය බරපතළ ලිංගික හිංසනයකට ලක් කරනු ලැබූ බව පැවසූ බව අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.
එහිදී සැකකාර හේමරතන හිමි ශුක්‍රාණු පිස දැමූ බව කියන පාපිස්ස සහ කාන්තාවකගේ දිගු හිස කෙස් සිය භාරයට ගත් බවද නිට්ටඹුව පොලිසිය පසුගියදා අධිකරණයට ඉදිරිපත් කර ඇති වැඩිදුර වාර්තාවේ සඳහන් වේ.
