Advertisements

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරයි

මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන “කරන්දෙණියේ රාජු” නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

එම සැකකරුට විරුද්ධව මෙරට අධිකරණ වල වරෙන්තු 15ක් නිකුත් කර ඇති බවත් ඔහුට විරුද්ධව විදේශ ගමන් තහනම් 26ක් නිකුත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

සැකකරු මීටියාගොඩ, කරන්දෙණිය, බලපිටිය සහ දකුණු පළාතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන, බරපතළ තුවාල කිරීම් සහ මංකොල්ලකෑම් මෙන්ම අවි ජාවාරම වැනි විවිධ අපරාධ රැසකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අද (18) දින පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest