ලිට්‍රෝ ගෑස් ගැන දැනුම්දීමක්

එළඹෙන මැයි මාසයේ ගෑස් සැපයුම ගැන ලිට්‍රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව මැයි මාසය සඳහා අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

අප්‍රේල් මාසය සඳහා ගෑස් මෙට්‍රික්ටොන් 20,500ක් මේ වනවිට මෙරටට ලැබී ඇති බවත් තවත් මෙට්‍රික්ටොන් 17,500ක් ලැබීමට නියමිතය බවද එම සමාගම සඳහන් කරයි.

එම ගෑස් තොග මාලදිවයිනේ පාවෙන ගබඩාව තුළ ගබඩා කර ඇත බවද එම සමාගම සඳහන් කරයි.

තවත් ගෑස් මෙට්‍රික්ටොන් 20,000ක නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතින බවද එම සමාගම සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments