LIVE
එයාර් බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.
තවද සැකකරුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබූ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර වෙත රැගෙන ගියේය.
එයාර් බස් නඩුවට අදාළව ලබන මස (13) වනදා දක්වාත්, ක්‍රිෂ් නඩුවට අදාළව ලබන (06) වනදා දක්වාත් පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ නැවත රක්ෂිත බන්ධනාගාරගත කළේය.

