මහින්ද රාජපක්ෂ රෝහලට.?

LIVE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශයක් කරයි.

මහින්ද රාජපක්ෂ මේ වනවිට සිය නිවසේ රැඳී සිටිමින් ශාරීරිකව සහ මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේ,

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ අවස්ථාවේදී එතුමාට ආදරය කරන සියලු දෙනාට දැනුම් දෙනවා.

මම හිතන්නේ විරුද්ධවාදීන් මේ වගේ අසත්‍ය සහ ද්වේෂසහගත ආරංචි නිතර දෙවේලේ පතුරුවා හරිමින්, මේ ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ග හමුවේ එතුමා වැටිලා කියලා පෙන්වන්න උත්සාහ කරනවා.

නමුත් අපි විරුද්ධවාදීන්ට කියන්න කැමතියි, එතුමාගේ පවුලේ සියලු දෙනා සිරගත කළත්, මහින්ද රාජපක්ෂ කියන්නේ ශාරීරිකව සහ මානසිකව ඉතාමත් ශක්තිමත් නායකයෙක්.

මේ වගේ පුහු සහ අසත්‍ය ප්‍රචාරවලින් එතුමා වැනි දැවැන්ත පෞරුෂයක් බිඳ දැමිය හැකි යැයි සිතනවා නම්, ඒක සතුරන්ගේ සිහිනයක් විදිහටයි මම දකින්නේ. ඒ නිසා එතුමාට ආදරය කරන සියලුම ජනතාවට මම කරුණාවෙන් දැනුම් දෙන්නේ,

මහින්ද රාජපක්ෂ මැතිතුමා ශාරීරිකව සහ මානසිකව ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිය නිවසේ කාලය ගත කරන බවය. එතුමාට ආදරය කරන සියලුම ජනතාවටත්, එතුමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින අයටත් මේ පණිවිඩය දැනුම් දීමට කැමතියි.”

1 Comment
Most Voted
Newest Oldest