මහින්දට නාකි මයිනා කිවුවා.. නාකි මයිනෝ නාකි මයිනෝමයි

LIVE

මේ රට එක්සේසත් කරපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එදා කිවුවේ ‘නාකි මයිනා’ කියලා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

අද (20) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ,

දැන් එක පැත්තකින් කියනවා මේ කාලය දීර්ඝ කරන්න ඕනා. වයස නියමිත කාලයේ විශ්‍රාම යන්නේ නැතිව දීර්ඝ කරන්න ඕනා. හැබැයි මහින්ද ජනාධිපතිතුමා, මේ රට එක්සේසත් කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එදා කිවුවේ මොකක්ද, නාකි මයිනා.

එතකොට ඒ වයසට යනකොට නාකි මයිනා. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ. එයා සීයා, සුදු සීයා. වැල්පාලමේ යනවා. ඊළගට කිවුවා ගෙදර යතුරක්වත් දෙන්න හොද නෑ ගෙදර ඉන්න වයසක කෙනෙකුට. නාකියෙකුට.

එහෙමනේ කිවුවේ. එතකොට එදා එහෙම කියලා දැන් කොහොමද මෙහෙම වෙන්නේ. දැන් විශ්‍රාම කාලයේ වයසට ගියාම විශ්‍රාම ගන්නෙ නැතුව ඒක කියනවා විශ්‍රාම යවන්න ඕන නෑ අපට තව වැඩගන්න ඕන කියලා තියාගන්නවා.

අනිත් කාලෙට තමන්ට ඕන නැති වුණාම කියනවා නාකි මයිනා, සුදු සීයා. නාකින්ට යතුර දෙන්න හොද නෑ. යකෝ මාර කෙලියක්නේ ඒක. කන්න ඕන වුණාට පස්සේ, කන්න ඕන වුණාම තලගොයා කබරගොයා මාරුවෙන වැඩක් නේ මේක. එහෙනම් නාකි මයිනෝ නාකි මයිනොමයි.”

0 Comments
Most Voted
Newest Oldest