කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බව කියන සැකකරුවකු ගිනිඅවි සමග මීගලෑව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දියත් කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියෙකු බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ තිබී බොර 12 වර්ගයේ ගිනි අවියක්, “කැප් තුවක්කු” වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 24ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරු විසින් මීට පෙර අවස්ථාවකදී “ඩයනා” නමින් හැඳින් වූ ඇතෙකුට වෙඩි තබා ඇති බවටද තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
