ශිරන්ති මහින්ද ලගට යයි.. එකම රෝහලේ

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත මාරු කර යවා ඇත.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටි ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය (16) දින නියම කළේය.

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කළේය. 

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවමත් කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest