ලක්ෂ 28ක අයිස් මත්ද්‍රව්‍ය සමග පියුමි අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කල ‘පියුමි’ නමින් හඳුන්වන කාන්තාවක් රුපියල් ලක්ෂ 28කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලම්පිටිය, මීතොටමුල්ල, පෙරේරා මාවතේ කුලී පදනම මත පදිංචිව සිටි මෙම කාන්තාව නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය (16) දින අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274ක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකාරිය දිවයිනේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දෙමටගොඩ චමින්දගේ’ ප්‍රධාන ගෝලයෙකු වන ‘දෙමටගොඩ ඉසුරු’ යන අයගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය වැල්ලම්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ප්‍රධාන සාමාජිකාවක් බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අලුත්කඩේ අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාගත් රැඳවුම් නියෝග මත මේ වනවිට වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ රඳවා වැඩිදුර විමර්ශන සිදු කරයි.

1 Comment
Most Voted
Newest Oldest