Advertisements
Advertisements

ජනතාවට පහසුවෙන් තොරතුරු ගන්න වෙබ් අඩවිය අද සිට ක්‍රියාත්මකයි

LIVE

මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ මෙන්ම අනෙකුත් බහුවිධ මධ්‍යස්ථාන වලට අදාල තොරතුරු සහ බස් රථ, දුම්රිය කාලසටහන් වැනි මගීන් හට වැදගත් තොරතුරු ඇතුලත් වෙබ් අඩවිය අද (25) ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන විසින් එලිදක්වයි.

මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම වෙබ් අඩවිය තුල “MAKU” හෙවත් AI based Passenger Assistant කෙනෙකු මගින් ඕනෑම අයෙකුට පහසුවෙන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකිවීමයි.

එමෙන්ම එහි බස් පර්යන්ත සහ බස් රථ කළමනාකරණයට අදාල නව පද්ධතියද නිරීක්ෂණය කල අතර ඉදිරියේදී GPS තාක්ශනය මගින් බස් රථ නිරීක්ෂණ කටයුතු ඇරඹූ පසු මෙම කටයුත්ත තව දුරටත් පහසු කරගැනීම සඳහා එය යොදාගන්න ආකාරයද මෙහිදී සාකච්චා කළේය.

තවද මෙහිදී දැනට පවතින Park and Ride ක්‍රමවේදය ද නිරීක්ශනය කළ අතර දැනට කෙතරම් වාහන ප්‍රමාණයක් මෙම ක්‍රමවේදය භාවිතා කරන්නේද සහ එමගින් වායු විමෝචනය මගින් පරිසරයට සිදුවන හානිය කොපමණ අවම කරගෙන ඇතිද යන්න පිළිබඳ වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදි.

මෙහිදී ඉදිරියට Mechanical Car parks වැනි ක්‍රම මගින් park and ride ක්‍රමවේදය වැඩි දියුනු කිරීම පිළිබඳවද අදහස් පළවිය.

එමෙන්ම ඉදිරි තීරණ ගැනීමේදී අත්‍යාවශ්‍ය කාරණයක් වන මගී ප්‍රවාහණයට අදාළ දත්ත පද්ධතියක් මෙහි ස්ථාපනය කර ඇති අතර බස් රථ ප්‍රමාණය, මගීන් ප්‍රමණය, Peak/Off peak වේලාවන්, බස් රථ වල පැමිණීම් ප්‍රමාද කාලයන් පිළිබඳ තොරතුරු වැනි කාරණා එහිදී ඇතුළත්ව ඇත.

දුම්රිය, දුර ගමන් බස් රථ, මෙට්‍රෝ බස් සේවාව වැනි පොදු ප්‍රවාහන සේවා එක් ස්ථානයකින් ක්‍රියාත්මක කිරීමට සහ Park and Ride වැනි ක්‍රමවේද හරහා පුද්ගලික වාහන භාවිතය අවම කරමින් පොදු ප්‍රවාහනය සඳහා මගීන් යොමු කිරීමේදී බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථන යනු ප්‍රධානතම අංගයක් වේ.

ප්‍රවාහනයට අදාළ යටිතල පහසුකම් දියුණු කිරීමේ රජයේ ඉදිරි වැඩපිළිවෙල එය ප්‍රමුඛ ස්ථානයක පවතියි.

0 Comments
Most Voted
Newest Oldest