නාවික හමුදාව විසින් මැද වැලෑන මහා විද්‍යාලය අළුත්වැඩියා කරයි

LIVE

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ, කොළඹ රාජකීය විද්‍යාලීය ඇමරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදි ශිෂ්‍ය පදනමේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අළුත්වැඩියා කෙරුණු හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, මැද වැලෑන මහා විද්‍යාලයේ ගොඩනැගිලි හා පහසුකම් සිසු අයිතියට පත් කිරීම 2026 ඊයේ (01) දින සිදුකෙරිණි.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස, එම ජාතික වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවෙන විවිධ වැඩසටහන් සඳහා නාවික හමුදාව අඛණ්ඩව ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දෙනු ලබයි.

ඒ අනුව, මැද වැලෑන මහා විද්‍යාලයේ අළුත්වැඩියා කෙරුණු පංති කාමර ගොඩනැගිලි සහ සනීපාරක්ෂක පහසුකම් මෙලෙස සිසු අයිතියට පත් කිරීම, ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ අණදෙන නිලධාරී සහ වැඩ බලන නාවික අණභාර නිලධාරී (හම්බන්තොට), කපිතාන් සේනක ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් සහ එම විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු භවතුන් හා සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි.

0 Comments
Most Voted
Newest Oldest