නැවතත් ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් දියත් කිරීමේ හැකියාවක් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
USS Theodore Roosevelt ගුවන් යානා ප්‍රහාරක නෞකාව ඇතුළු තවත් යුද නෞකා මැදපෙරදිග කලාපය වෙත යෙදවීමට කටයුතු කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
පුවත්පත් සඟරාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.
USS රූස්වෙල්ට් සහ ගොඩබෑමේ කණ්ඩායම් දෙකක් ඇතුළු ගුවන් යානා ප්‍රවාහන නෞකා තුනක් ඉරානය වටා ස්ථානගත කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෆ්ලයිඩුබායි සිද්ධියට ටෙහෙරානය සම්බන්ධ වුවහොත් ඉරානයට “දැඩි ලෙස පහර දෙන” බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර නැව්ගත කිරීම සඳහා විවෘත වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් අවසානයේ ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරයි.

