LIVE
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබාගැනීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එම පනත් කෙටුම්පත් වලට එතරම් කැමැත්තක් නොදක්වන බවට දැනගන්න ලැබීමත් සමඟ විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙම රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇත.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගැනීමේ සාකච්ඡා ආරම්භ කර ඇති අතර එම මන්ත්‍රීවරුන්ගේ සහය ගැනීමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් පත්කර ඇති බවද වාර්තා වේ.
එම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ හිතවත් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එලෙස පත්කර ඇති බවද වාර්තා වේ.
