සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයට බලය හිමි පාතහේවාහැට ප්රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවීමට මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගත්තේය.
මෙම ප්රාදේශීය සභාව මඟින් ජනතාවට ඉටුවිය යුතු සේවාවන් නිසි පරිදි ඉටු නොවීම සහ දිට්වා ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෙන්කර ඇති ප්රතිපාදන නිසි පරිදි භාවිත නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
*රුපියල් මිලියන 718ක දිට්වා අරමුදල් මහජන සේවා සඳහා යොදා නොගැනීම,
*රුපියල් මිලියන 40ක් වැයකර ජල නල මිලදී ගෙන ඇතත් එයින් ජනතාව වෙනුවෙන් ව්යාපෘති නොකිරීම,
*ජනතා සේවා සඳහා වෙන් කළ රුපියල් මිලියන 18.5ක මුදලක් සේවා සඳහා ලබාදීමට අනුමත නොකිරීම,
ඒ අනුව පාතහේවාහැට ප්රාදේශීය සභාවේ පාලන කටයුතු මහනුවර දිස්ත්රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා වෙත පවරා ඇත.
සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමඟි ජන බලවේගය නියෝජනය කළ කේ.එස්.බී. රාජනායක, අධිකරණ කටයුත්තකට අදාළව මේ වනවිට සිරගතව සිටියි.
ඒ හේතුවෙන් ප්රාදේශීය සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ, සර්ව ජන බලය නියෝජනය කරන පියල් ජයසිංහයි.
