ප්‍රගීත් එක්නැළිගොඩ නඩුවට මොකද වෙන්නේ.? 

LIVE

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව (20) දින කොළඹ විජේරාම ප්‍රදේශයේ පිහිටි විශේෂ මහාධිකරණයේදී යළි කැඳවනු ලැබුවේය.

මෙම නඩුවේ ප්‍රධානතම සාක්ෂිකරුවෙකු වන 4 වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට එරෙහිව එම නඩුවේ විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් මහාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ විත්තියේ නීතිඥයින් විසින් දැනුම් දී ඇති අතර ඒ අනුව 4 වන සාක්ෂිකරුගෙන් නැවත සාක්ෂි ලබාගැනීමට නොහැකි බවට විත්තියේ නීතිඥයින් කරුණු දක්වා ඇත.

4 වන සාක්ෂිකරු අධිකරණය හමුවට කැඳවා තිබූ අතර ඔහු විශේෂ කාර්ය බලකායේ පූර්ණ ආරක්ෂාව යටතේ අධිකරණයට රැගෙන එනු ලැබුවේය.

ඒ හේතුවෙන් 4 වන සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම සිදුකිරීමට නොහැකි වූ අතර නඩුව වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් (04) වැනිදා දක්වා කල් තැබීමට විශේෂ මහාධිකරණය නියෝග කළේය.

2 Comments
Most Voted
Newest Oldest