Advertisements
Advertisements

අනුර මාළු අල්ලන්න දන්නෑ.. මාළු අල්ලන හැටි ප්‍රසාද් ජනතාවට කියාදෙයි

LIVE

වියළි කාලයේ වැව් වල වතුර හිදෙන බවත් හැමදාම මාළු ඇල්ලුවේ නැතත් ඉදලා හිටලා මාළු අල්ලන්න යන බවත් එහිදී ලූලා අල්ලන්නේ ඔලුවෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කරයි.

ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කළේ,

මම ඔබෙන් අහනවා, ගෝනුස්සෙක් දැක්කොත් අල්ලන්නේ ඔලුවෙන්ද, අල්ලන්නේ වලිගෙන්ද කියලා ඔබ දන්නවා. ඔලුවෙන් ඇල්ලුවොත් දුන්නා ෂොට් එක. ගෝනුස්සා ඉස්සෙල්ලා වලිගෙන් පහර දෙන්නේ.

දැන් මේ වියළි කාලයේ වතුර හිදෙනවා වැව් වල. හැමදාම මාළු ඇල්ලුවේ නැතත් ඉදලා හිටලා මාළු අල්ලන්න යනවා. ලූලා අල්ලන්නේ වලිගෙන්ද, ඔලුවෙන්ද කියලා මිනිස්සු දන්නවා. ඒවා අද්දැකීම්. අනුර මාළු අල්ලන්න ගියොත් අල්ලන්නේ ලුලාගේ වලිගෙන්.

ඇයි කවදත් දන්නෑ මොකුත්. අනුර උදේ ඉදන් ලූල්ලු අල්ලනවා. අල්ලන්නෙම එක්කෝ බඩෙන් එක්කෝ වලිගෙන්. එක්කෝ බඩෙන් එක්කෝ වලිගෙන්. මඩ කකා අල්ලනවා, මඩ ගගහා අල්ලනවා. බඩෙන් හෝ වලිගෙන්.

ඇයි අනුර මාළුවෙක් අල්ලන්න දන්න මිනිහෙක් නෙමෙයි. ලුලා අල්ලන්න ඕන කොහෙන්ද, ඔලුවෙන්. ඇල්ලුවේ නැත්නම් ලිස්සනවා.”

0 Comments
Most Voted
Newest Oldest