බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය තුන් ගුණයකින් ඉහළට

දිවයිනපුරා බන්ධනාගාර වල සිටින රැදවියන් සංඛ්‍යාව හතලිස් දහසක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධානාගාර කොමසාරිස් මෙහෙයුම් අනුරුද්ද ගජනායක සඳහන් කරයි.

බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ රැදවියන් එකොළොස් දහසකට පමණක් බවත් දැනට සිටින රැඳවියන්ගෙන් දස දහසක් පමණ දඬුවම් ලබා ඇති රැඳවියන් බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අනෙක් තිස් දහස රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන් බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest