LIVE
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග හෙට (21) ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය.
තවද අගෝස්තු (27) වැනිදා ස්විට්සර්ලන්තයේ, සූරිච්හිදි පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් තරගාවලියටත් රුමේෂ් තරංග සහභාගී වීමට නියමිතව ඇත.
අනතුරුව සැප්තැම්බර් (05) වැනිදා බෙල්ජියමේදී පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගයටත් රුමේෂ් තරංග එක්වීමට නියමිතව ඇත.
