Advertisements
Advertisements

ඊළඟ ජනාධිපති සජිත්.. විපක්ෂ නායක නාමල්

LIVE

එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස රටේ ඊළඟ ජනාධිපතිවරයා වන බවට කිසිදු වාදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.

සියලු පාක්ෂිකයින්ගේ ඒකමතික ඉල්ලීම වී ඇත්තේ ඉදිරියේදී සියලු දෙනා එකමුතුව කටයුතු කිරීම බැවින් රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය සහ සහයෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට හැකි තරම් උත්සාහ කර විපක්ෂ නායක ධූරයවත් ලබා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් සුදුසු බවද මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.

මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ,

මේ කඳවුරෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් පහුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වීමෙන් තමයි අපේ පරාජයට ප්‍රධානම හේතුව වුණේ. එතකොට අර රෑ වැටිච්ච වලේ ආපහු දවල් වැටෙන්නත් බෑ.

එම නිසා ඉතා පැහැදිලිවම සියලුම පාක්ෂිකයින් ඒකමතිකව සියලු දෙනාගේම ඉල්ලීම තමයි ඉදිරියේදී මේ මැතිවරණවලට මුහුණ දෙනකොට අපි එකට වැඩ කරන්න ඕනේ, එකට එකතු වෙන්න ඕනේ කියන එක.

ඒ වෙනුවෙන් සියලු දෙනාම ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලිවම මේ රටේ ඊළඟ ජනාධිපති වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ ගැන කිසිම වාදයක් නෑ.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඊට ආශිර්වාද කරයි, ඊට සහයෝගය ලබාදෙයි. නාමල් රාජපක්ෂ මැතිතුමාට පුළුවන් තරම් මහන්සි වෙලා විපක්ෂ නායක ධූරයවත් ලබාගන්න කටයුතු කළොත් හොඳයි.”

6 Comments
Most Voted
Newest Oldest