නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ප්‍රාථමික පංති වල ක්‍රියාකාරකම් හරහා ඉගෙනුම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බවත් එනිසා පොත් එහාට මෙහාට රැගෙන යාමට අවශ්‍ය වන්නේ නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය පොත් ලබා දෙන්න සහ ඒවා තුළ වැඩ කරන ක්‍රියාවලියක් ඇති කරන බවත් නව මොඩියුලර් ක්‍රමය තුලින් දරුවන්ගේ පොත් බෑගයේ බර සෑහෙන දුරට අඩු වෙන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“ප්‍රාථමික පංති වල කොහොමටත් ක්‍රියාකාරකම් හරහා ඉගෙනුම් ක්‍රියාවලියක් යන නිසා තවදුරටත් අවශ්‍ය වෙන්නේ නෑ පොත් එහාට මෙහාට ගෙනියන. පොත තියෙන්නේ පංති කාමරයේ.
ළමයා ඒකත් එක්ක වැඩ කරලා වාර අවසානයේදී තමා ඒක ගෙදර ගෙනියන්න අවශ්‍ය වෙන්නේ. 2027 ඉදන් අපි 6 වසරට හදුන්වා දෙන ක්‍රමවේදය තුළ, මොඩියුලර් ක්‍රමය නිසා,
මොඩියුලර් කියන්නේ ටෙක්ස් බුක් තරම් ලොකු පොත් නෙමෙයි. එනිසා ඒ විෂය අනුව ඒ වාරයට අදාළ මොඩියුලර් එකක් තමා දරුවන්ට ලබාදෙන්නේ. ඒක කොහොමටත් ප්‍රින්ට් කොපි එකක් වෙන්න ඕනි.
යම්තාක් දුරකට, අපිට සියලු දේම ඩිජිටල් කරණය කරන්න බෑ. විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය වෙනවා පොත් පත් ලබාදෙන්න සහ ඒවා තුළ වැඩ කරන ක්‍රියාවලියක් ඇති කරන්න.
නමුත් මොඩියුලර් ක්‍රමය තුලින් මේ පොත් බෑගයේ බර නම් සෑහෙන දුරට අඩු වෙනවා.”
