ශ්‍රී ලංකාවට පත්ව සිටින නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (20) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
- පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහකොමසාරිස් ලෙස Vincent Sumale මහතා (නවදිල්ලියේ නේවාසික)
- සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස Abdullahi Mohammed Odowa (නවදිල්ලියේ නේවාසික)
- ලක්සම්බර්ග් ජනරජයේ තානාපති ලෙස Christian Biever (නවදිල්ලියේ නේවාසික)
- වතිකානයේ අපෝස්තලික තානාපති ලෙස Monsignor Andrzej Józwowicz පියතුමා
- පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) Nayyar Naseer
- කුවේට් රාජ්‍යයේ තානාපති ලෙස Saleh Mubarak Al-Sarawi
මෙසේ ජනපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත විය.

