LIVE
ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් ගත 2025 – 2035 දස අවුරුදු ඩිජිටල්කරණ ඒකාබද්ධ ආයතනික සහභාගිත්ව සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම.
එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පැවැත් වූ අමාත්‍යාංශයීය උපායමාර්ගික සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව (23) දින බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි.
මෙහිදී The “Symposium on – Integrated Transport, Highways and Urban Development For Sri lanka” ඒකාබද්ධ සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.
මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සහ තිරසර සංවර්ධන සැලැස්ම යථාර්තයක් කරගැනීම වෙනුවෙන්, රාජ්‍ය ආයතනයන්ට ඩිජිටල් ප්‍රවේශයේ අත්‍යාවශ්‍ය බව ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සඳහන් කරයි.
