LIVE
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මේ වනවිට පෙත්සම් 9ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීතිඥ මෛත්‍රී ගුණරත්න, මහාචාර්ය ජී එල් පීරිස්, සමගි ජන බලවේග පක්ෂය, සර්වජන බලය පක්ෂය, උදය ගම්මන්පිල, දුමින්ද නාගමුව, මිලින්ද රාජපක්ෂ එම පෙත්සම් ඉදිරිපත් කර ඇත.
අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී, අනතුරුව එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.
