රටවල් රැසකට ඩීසල් අපනයනය නතර කරනවා.. ට්‍රම්ප් දැඩි තීරණයක

LIVE

රටවල් රැසකට ඩීසල් අපනයනය කිරීම නවතා දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඒ අනුව අමෙරිකාවෙන් යුරෝපා රටවලට ඩීසල් අපනයනය කිරීම නවතා දැමීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අනතුරු අඟවයි.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම මුල්කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත.

යුරෝපා රටවලට ඔවුන්ගේ ඩීසල් සංචිත වලින් කොටසක් මුදාහරින ලෙස අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා දැනුම්දීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය සිදුකර ඇත.

අමෙරිකානු ගොවීන්, ට‍්‍රක්රථ රියදුරන් සහ ව්‍යාපාරිකයින් පමණක් මෙම තත්ත්වයන්ට තනිව මුහුණ නොදිය යුතු බවත් ඒ සඳහා මෙම තීරණය ගනු ලබන බව භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest