LIVE
සංවිධානාත්මක අපරාධකරුවන් වන බස් ලලිත්, කොණ්ඩ රංජි, ඇල්ටෝ ධර්මේ හා වනාතේ චතූ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරක්ෂක අංශ නිලවශයෙන් මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇත.
ඒ අනුව බස් ලලිත් නම් අපරාධකරු එළැඹෙන (24) වැනිදා මෙරටට රැගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සහා දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කොණ්ඩ රංජි, ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ඇල්ටෝ ධර්මේ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇත.
තවද බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පසුගිය කාලය පුරා ඝාතන රැසක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින වනාතේ චතූ නැමැත්තා ද ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇත.
