LIVE
ජලයේ ගුණාත්මකභාවයට බලපා ඇති හදිසි තත්ත්වයක් හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇත.
අද (25) අලුයම සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපා හැකි හදිසි තත්ත්වයක් පවතින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිදුකළ දැනුම් දීමකට අනුව මෙම පියවර ගෙන ඇත.
මේ පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ සහ ක්‍රියාමාර්ග සිදුකරමින් පවතින අතර ජලසැපයුම යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුවත් කරන බවද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
