Advertisements
Advertisements

කාලගුණය කැළඹෙයි.. ඉදිරි මාස කිහිපයේ සුදානම් වෙන්න

LIVE

එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බැවින් නිවසින් පිටතට යාමේදී සුදු හා ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද එල්-නිනෝ තත්ත්වය හමුවේ එළැඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී ඇතැම් විට ගංවතුර තත්ත්වයක් වුවත් ඇති විය හැකි බවත් එම කාලසීමාව තුළ සාමාන්‍ය වර්ෂාපතනය ඉක්මවා තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අජිත් විජේමාන්න සඳහන් කරයි.

ඉදිරි මාස හය සම්බන්ධයෙන් සිදුකළ දත්ත විශ්ලේෂණයේදී මේ බව අනාවරණය වී ඇති බවත් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන කාලවකවානුවේදී එල්-නිනෝ තත්ත්වය දැඩි ලෙස බලපාන බවද අධ්‍යක්ෂ ජනරාල්, අජිත් විජේමාන්න සඳහන් කරයි.

අධ්‍යක්ෂ ජනරාල්, අජිත් විජේමාන්න සඳහන් කළේ,

සාමාන්‍ය අවුරුද්දෙන් 30%ක් මේ මාස දෙකේ වහිනවා. එතකොට ඒක තවත් වැඩි වුණාම ලොකු වැස්සක් වැව් පිරිලා සමහරවිට ගංවතුර වුණත් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. ඔත්තෝබර් නොවැම්බර් මාස වනවිට ලංකාව පුරාම වැස්ස ව්‍යාප්ත වෙනවා. තද වැසි තියෙන්න පුළුවන්. ගංවතුරක් එනවාම කියන්නේ නෑ. කෝකටත් අපි සූදානම් වෙන්න ඕනි. එන්න ඉඩකඩකුත් තියෙනවා.”

0 Comments
Most Voted
Newest Oldest