යෝෂිතගේ නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව අද (24) දින කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට සමගාමී තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව සඳහන් කළේය. 

නඩුව සඳහා සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනුකිරීම සඳහා නියම වී ඇතැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා ඒ අනුව මෙම නඩුව සඳහාද සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට සිදුවනු ඇති බවද සඳහන් කළේය.

අනතුරුව එම කටයුතු වල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම නඩුව ජුනි මස (10) වනදා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments