නව QR ඉන්ධන කෝටාව ලබාගැනිම සඳහා ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය සම්බන්ධව පවතින තාක්ෂණික ගැටලු මේ වනවිට සාර්ථකව නිරාකරණය කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.
හෙට (17) දින පෙරවරුව වන විට පවතින සියලු බාධාවන් ඉවත් කර පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම නව ලියාපදිංචි කිරීම් සඳහා අවශ්‍ය වන පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වනවිට අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
QR කේතයකට අදාළ දුරකථන අංකයක හිමිකාරීත්වය මාරු වී ඇත්නම් හෝ අදාළ දුරකථන සබඳතාව විසන්ධි වී ඇත්නම්, එවැනි පාර්ශ්වයන් පිළිබඳ තොරතුරු අදාළ ජංගම දුරකථන සේවා සපයන සමාගම් වෙත දැනුම්දී ඇත.
මේ අතර රජයේ නිල ඉන්ධන QR කේතය ලබාගන්නා අන්තර්ජාල නිල වේදිකාව ලෙසටම සකසන ලද ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් තොරතුරැ වාර්තා වී ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
ඒ අනුව ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේදී අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ව්‍යාජ සබැඳි (Links) වෙත ප්‍රවේශ වී තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
